vehicle-tyre-police

ගෙවී ගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන සහ දෝෂ සහිතව ධාවනය කරන වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (22) සිට පොලිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙයි.



දින 03ක කාලයක් මෙම මෙහෙයුම දිවයින පුරා සිදුකරන බව පොලිසිය පවසයි.

රිය අනතුරුවලට එක් හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් ව රු 3500ක දඩයක් ද යම් අයෙකුට තුවාල වී නම් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් ද නියම කිරීමේ හැකියාව පවතී.