tsunami-baby-sri-lanka

2004 දෙසැම්බර් 26දා සුනාමි ඛේදවාචකයෙන් අතුරුදන් වී සිටි පසුව සොයාගනු ලැබූ මවුවරුන් 9 දෙනකු
උරුමකම් කී ‘සුනාමි බේබි _ 81’ එනම් කල්මුණෙහි පදිංචි ජෙයරාස් අබිලාස් ඊයේ අ.පො.ස. සා/පෙළ
විභාගයට පෙනී සිටියේය.
කලුතාව්ල නිවෙසේ ඉදිකර ඇති සුනාමි ස්මාරකයට තම මවුපියන් සමඟ ගොස් පුෂ්පෝපහාර දක්වා පසුව
සෙට්ටිපාලයම් මහා විද්‍යාලයේ පිහිටා ඇති විභාග මධ්‍යස්ථානයට ගියහ. කොවිඩ් _ 19 සෞඛ්‍ය නීති
රීති අනුගමනය කරමින් මුඛ ආවරණ පැලඳ අබිලාස් විභාගයට පැමිණ සිටියේය.



දින 67ක් වූ අබිලාස් සුනාමි මුහුදු රළට අසුවී ගසාගෙන ගොස් පැය 18කට පසු ගල් පරතයක සිරවී සිටියදී
සොයා ගන්නා ලදී.

කල්මුණේ මූලික රෝහලේ හෙදියන්ගේ භාරයේ සිටි අභිලාස් මවුවරුන් 9 දෙනකු තම දරුවා ලෙස උරුමකම්
කීවද අධිකරණ මාර්ගයෙන් ඩී.එන්.ඒ. පරීක්ෂණ සිදුකර පියා වන ජෙයරාජ්ට භාර දෙන ලදී.

ලෝක ප්‍රසිද්ධ අබිලාස් ඊයේ ආරම්භ වූ අ.පො.ස. (සා.පෙළ) විභාගයට පැමිණ සිටින්නේ වෛද්‍යවරයකු
වීමේ සිහිනයක් මැදයි. ඔහු රෝහලට ඇතුළත් කර තිබූ ඇඳ අංකය 81 නිසා අබිලාස් අද ‘සුනාමි බේබි -
81’ නමින් හඳුන්වයි.

මඩකළපුව - ජේ.ඛාන්