
කොවිඩ් 19 ආසාදනය වීමෙන් සති හතක් වයසැති බිලිඳියක් මියගොස් තිබේ.
රෝගී වූ මෙම බිලිඳිය වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී කළ පරීක්ෂණවලදී බිලිඳියගේ වම් පෙණහලුවේ රෝගී තත්ත්වයක් පෙන්නුම් කර තිබේ.
පසුව බදුල්ල මහ රෝහලට ඇයව මාරුකර යවා ඇති අතර එහිදී බිලිඳියට කොවිඩ් 19 ආසාදිත වී ඇති බව තහවුරු වී ඇත.
පසුව පසුගිය පස්වැනිදා (5දා) බිලිඳිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති අතර පැය 5ක පමණ කාලයක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිඳිය මියගොස් තිබේ.
කොවිඩ් ආසාදනය වී තිබීම හේතුවෙන් ඇගේ හෘදය අක්‍රිය වී තිබීම නිසා ඇයව බේරාගැනීමට අපහසු වූ බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය සඳහන් කළේය.
මෙම බිලිඳියගේ මවටද කොවිඩ් ආසාදනය වී ඇති අතර පියාද නිරෝධායනයේ පසු වෙයි.
වරුණි පෙරමුණ
Comments
Post a Comment
Your comment will be visible after approval