
උතුරු කළුතර ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටිය දී කොමනා ආසාදිතයෙකු බවට හඳුනා ගත් ව්‍යාපාරිකයකු සතු රුපියල් කෝටි පහක් පමණ වටිනා මැණික් පාසලයක් විශ්වාසය කඩකර වංචනික අන්දමින් පැහැර ගත් බව කියන සංචාරක මග පෙන්වන්නෙකු අත්අඩංගුවට ගැනීමට උතුරු කළුතර පොලිසිය පරික්ෂණ පවත්වයි.
මෙම ව්‍යාපාරිකයා නයිජීරියාවේ සිට පැමිණ මෙම හෝටලයේ නිරෝධායනය වෙමින් සිටිය දී කොරෝනා රෝගියකු බවට හඳුනාගෙන තිබුණි.
බේරුවල පදිංචිකරුවකුට මෙම මැණික් ව්‍යාපාරිකයා එම මැණික් රැගෙන යාමට එන ලෙස තම ව්‍යාපාරික සගයකුට දැනුම් දී ඇති අතර එසේ හෝටලය අසලට පැමිණි එම ව්‍යාපාරිකයාට සැකකාර සංචාරක මගපෙන්වන්නා රවටා ඇති බව ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත. හෝටලය වෙත යාමට නොහැකිව ව්‍යාපාරික සගයා සිටිය දී එම මැණික් පාර්සලය ව්‍යාපාරිකයාගෙන් ලබාගෙන ගෙනැවිත් දීමට සැකකරු පොරොන්දු වී ඇතැයි කියති. ඒ අනුව හෝටලය තුළට කෙසේ හෝ ඇතුළුවී ඇති සැකකාර ව්‍යාපාරිකයාගෙන් මැණික් මට පාර්සලය ලබාගෙන වංචනික ලෙස පලා ගොස් ඇත. උතුරු කළුතර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
-බිමල් ශ්‍යාමන් ජයසිංහ-
Comments
Post a Comment
Your comment will be visible after approval