
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තායි තරුණයන් හා තරුණියන් අටදෙනෙකු වහලුන් ලෙස ගණිකා ජාවාරමේ යෙදවූ තිප්පොළක් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසය කොල්ලුපිටියේදී ඊයේ (7 වැනිදා) සොයාගෙන ඇත.
මෙහිදී අල්ලාගත් තායි තරුණයන් පස්දෙනකුද තරුණියන් මෙන් සම්බාහන හා ගණිකා වෘත්තියේ යොදවා ඇතැයි හෙළි වී තිබේ. තරුණියන් තිදෙනකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අටදෙනා පසුගිය වසරේ පෙබරවාරි මස මෙරටට ගෙනවිත් ගුවන් ගමන් බලපත්‍ර මෙරට ජාවාරම්කරු භාරයට ගෙන මොවුන්ව සේවයේ යොදවා ඇතැයි හෙළි වී තිබේ.
මෙම තරුණයන් පස්දෙනාව තරුණියන් සේ කොල්ලුපිටිය, මුහුදු මාවතේ සම්බාහන මධ්‍යස්ථානයකදී ගනුදෙනුකරුවන්ට විකුණා ඇතැයි අනාවරණය වී තිබේ. මෙම ගණිකාවන් ශාන්ත අන්තෝනි මාවතේ මහල් නිවාසයකදී රුපියල් පහළොස්දහසක්, විසිපන්දහසක් අතර මුදලකට විකුණා ඇත.
මෙම තරුණයන් කාන්තාවන් මෙන්ම අන්දවා ගනුදෙනුකරුවන්ට විකුණන ජාවාරම්කරු සොයා පොලිස් විමර්ශන ඇරඹී ඇත.
වැටලීම කර කොල්ලුපිටිය පොලිසිය වෙත රැගෙන විත් සුළු මොහොතකින් ගණිකාවන් වෙනුවෙන් පෙනී සිටිමින් නීතිඥවරුන් තිදෙනකු පොලිසියට පැමිණ සිටියේය.
බස්නාහිර පළාත් බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර පුෂ්පකුමාර යටතේ එහි ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් වැටලීම කර ඇත.
තිස්ස රවින්ද්‍ර පෙරේරා
Comments
Post a Comment
Your comment will be visible after approval