sajith-speaks

පාස්කු ඉරු දින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුරුන්ද යන්න හෙළි නොකර එම තොරතුරු සැගවීමට ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.හම්බන්තොට සිරිබෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් 27දා විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ජාතික ආරක්ෂක කවුන්සිලය රටේ නීතියක් හරහා ස්ථාපනය වී නොමැති බැවින් ආණ්ඩුවේ ප්‍රධානීන් සහ රටේ ප්‍රධානීන් තමන්ට අවශ්‍ය ආකාරයට ජාතික ආරක්ෂක කවුන්සලය කැඳවීමට කටයුතු කරන බවත්, කෙසේ වෙතත් ජාතික ආරක්ෂක කවුන්සිලයක් රට තුළ නීත්‍යනුකූලව තිබිය යුතු බවට විශ්වාස කරන බවත් සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා



"මේ රජය විපක්ෂයේ ඉන්නකොට කිවා පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා කියලා. මම ආණ්ඩුවෙන් අහන්න කැමතියි කෝ පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලනවා කියපු ක්‍රියාවලිය? පාස්කු ප්‍රහාරක ත්‍රස්තයන් අල්ලන්න අමතක වෙලා. 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නහම ජනාධිපතිවරණයේදී, 68 ලක්ෂයක් ඡන්දෙ  දීලා තවත් විවිධ ක්‍රම උපායන් තුළින් තුනෙන් දෙක හදා ගත්තහම, විසිවැනි සංශෝධනය දමලා තිබුණු බලයට වැඩිය තවත් බලයක් එකතු කර ගත්තහම, ආණ්ඩුවට පාස්කු ත්‍රස්තයන් ඇල්ලුවත් එකයි නැතත් එකයි.

පැහැදිලිවම මේ රජය පාස්කු ත්‍රස්තයන් ඇල්ලීමේ ව්‍යායාමය සම්පුර්ණයෙන්ම අමතක කරලා දාලා තිබෙනවා. ඒ දුන්නු පොරොන්දු ආණ්ඩුවට අමතකයි. අපේ දේශපාලන ව්‍යාපාරයට එල්ල කරපු ලොකුම ප්‍රහාරය මොකක්ද? මේ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානීන් අපි ඇල්ලුවෙ නැහැ කිව්වා. දැන් මේ ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ? මම පැහැදිලිවම කියන්න කැමතියි මේ ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් කවුද කියන එක හොයන්නේ නැතුව ඒ කාරණාව හංගන්න හදනවා. මට ඒක කාරණයයි තමුන්නාන්සේලාගෙන් අහන්න තියෙන්නේ, පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩිම දේශපාලන හානිය සිද්ධ වුණේ ?

කාටද වැඩිම දේශපාලන වාසිය සිද්ධ වුණේම ඒ ප්‍රශ්නවලට තමුන්නාන්සේලාම උත්තර සපය ගන්න. පාස්කු ප්‍රහාරයෙන් කාටද වැඩි වාසිය දේශපාලනික වශයෙන් කාවද වැඩිම හානිය දේශපාලනික වශයෙන්ම එහෙමනම් නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හංගන්න උවමනාව තිබෙන්නේ කාටද කියන එක ගැන මේ රටේ ජනතාවට උත්තර බඳින්න වෙලාව ඇවිල්ල තියෙන්නේ.

මම තමුන්නාන්සේලාට පොරොන්දු වෙනවා අදටත් අපේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍ය වශයෙන් නැහැ.මේ රටේ ජාතික ආරක්ෂක කවුන්සිලය රටේ නීතියක් හරහා ස්ථාපනය වෙලා නෑ. ඒ නිසා තමයි හිතු හිතු වෙලාවට, ආණ්ඩුවේ අපි විශ්වාස කරනවා ජාතික ආරක්ෂක කවුන්සිලයක් නිත්‍යානුකුලවම තිබෙන්නට ඕන. රටේ නීතිය හරහා ස්ථාපනය වෙන්නට ඕන.සමගි ජන බලවේගයේ අපි මේ රටේ ජනතාවට පොරොන්දු වෙනවා ජාතික ආරක්ෂක කවුන්සිලයට පාර්ලිමේන්තුවේ නීති කෙටුම් පනත් සම්පාදන ක්‍රියාවලිය තුළින් නීතියක් බවට පත් කරලා ජාතික ආරක්ෂක කවුන්සිලයට නෛතික හයිය ලබාදීලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා, මහ මොළකරුවන්, උපදෙස් දුන්නු අය, මෙහෙයවන්නට නායකත්වය දුන්නු අය, තවමත් මේ ආණ්ඩුවට හොයාගන්නට බැරී පාස්කු ත්‍රස්තයන් හොයාගෙන ඒ සියලු දෙනාටම රටේ නීතිය හරහා මරණීය දණ්ඩනය ලබා දෙන්නට කටයුතු කරනවා කියලා. ඒකෙ ආයෙ වෙන කතාවක් නැහැ. ඒක අපි කරන්නට ඕන.

ඒක කළොත් පමණයි මේ රට තුළ අන්තවාදයට ත්‍රස්තවාදයට සම්පුර්ණයෙන්ම ඒ අවස්ථාව අහිමි වෙන්නේ. ඒ නිසා මම මීට වැඩිය දීර්ගව කතා කරන්නට යන්නේ නෑ, විශේෂයෙන්ම ආණ්ඩුව කියපු බොහොමයක් දේවල් අද ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ දෙනෙක් හිතුවා චීනුන්ට අක්කර පහළොස්දාහසක් දෙන්නේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. බැලින්නම් රනිල් වික්‍රමසිංහ මහත්තයත් දෙනවා, මේ ආණ්ඩුවත් දෙනව. ඒකෙන්ම තේරෙනවා දෙගොල්ලන්ටම තියෙන එකම ආකල්පයක් . මම තමුන්නාන්සේලාට කියන්න කැමති ඉඩම් උපයෝගී කරගෙන සංවර්ධනයක් සිදු වෙන එක හොඳ දෙයක්, හැබැයි කරන හොඳ සංවර්ධනය බලහත්කාරයෙන් කරන්න හොඳ නෑ.ජනතාව දැනුවත් කරලා, ජනතාව පදිංචි නොවන, ජනතාව ගොවිතැන් නොකරන, ජනතාව පාවිච්චියට නොගන්න ඕනතරම් මුඩු ඉඩම් තිබෙනවා, ඒ මුඩු ඉඩම් උපයෝගී කරගෙන ජනතාව දැනුවත් කරලා රටේ සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම තමයි පැහැදිලි මහජන සේවාව සහ මහජන යුතුකම.” යැයිද පැවසීය.
(දිනේෂ් සමරකෝන්)