ගම්පහ, බණ්ඩාරවත්තේ බුදු මැදුරකට ඉකුත් සිකුරාදා (26) රාත්‍රියේ පහරදී අලාභහානී කිරීම සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය මගින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. 

සැකකරු බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අවිවාහකයකු බවත්, මොහු මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම    ඇබ්බැහිවී සිටින්නකු බවත්  පොලිසිය පවසයි.


යම් අසනීප තත්වයකින්ද පසුවන සැකකරු ඇතිවූ ආරවුලකදී දිවගොස් බුදු මැදුරට පහරදී ඇති බව අනාවරණයවී ඇතැයිද ගම්පහ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ මහතා පැවැසීය.  මේ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.


 - තිලකරන්න දිසානායක-