dubai-king-story

ඩුබායි නගරයේ නෙත පිනවන  දසුන් නරඹමින් සතියක් දෙකක් විනෝද සුව විඳ ගත හැකිය. ලෝකයේ උසම ගොඩනැගිලි හා මෝරුන් ඉන්නා ටැංකි සහිත දැවැන්ත වෙළඳ සංකිරණ ආදිය එහි ඇත. එහෙත් සැබවින්ම එහි වෙසෙන ජනයා  කෙබඳු අය වේද? "මිලියන කාලක් පමණක් එරටවූ ඉන්නා පීට රැටියෝ තුම රටවලදී විඳගත නොහැකි තරම් සැප සම්පත් කයෙන් විද ගනිති. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බ්‍රිතාන්‍යයෝය. නැතහොත් අමෙරිකානුවෝය. එහෙත් ඔවුන් සිතින් ගත කරන්නේ අනාථයන් හා සමාන නීරස ජිවිතයකි. 




ලොකුම හෝටලයක තමන්ට රිසිපරිදි සිකුරාදා දිනක පදමට බීමත්ව භෝජන සංග්‍රහයක් රසවිඳගන්නටද ඔවුනට හැකිය.  එහෙත් මෙම ජවනිකා පසුපස තිරයට එපිටින් මිලියන දෙක තුනක් තරම් දැසි දස්සෝය. සේවකයෝය. කම්කරුවෝය. ඔවුන්ගෙන් වැඩි දෙනා ඉන්දියානු උපමහද්විපයෙන් පැමිණි අය වෙති. ඔවුන්ද ඇතැම්විට ගත කරන්නේ රනීස ජීවිතයකි. එහෙත්  කිසිවෙක් ඒ ගැන අසන්නට කරදර නොවෙති.  මීට අමතරව මිලියන කාලක් තරම්, එරට උපන් අරාබි පුරවැසියෝ එහි වාසය කරති. ඔවුන්ගෙන් වැඩිදෙනා අති සමෘද්ධිමත් ජීවිත ගත කරන නමුත්,  ඔවුන්ද සිතින් විඳින්නේ නීරස බවකි. ධනවත්හු තරග දුවනා තුරඟුන් සහිත ඉස්තාල වැනිදේතබා ගනිමින් සනසීම ලබති. ඔවුන් සැමගෙන් වඩාත් පොහොසතා ඩුබායිහි එකළ පාලකයා වූ ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මෙක්ටුම්ය.


ෂෙයික් වරයාට දරුවන් විසිපස් දෙනෙකු හා බිරියන් හය දෙනකු ඉන්නා නිසා අනිවාර්යෙන්ම ඔහු දරුවන්ට ආදරය ඇති අයකු විය යුතුය. එහෙත් ඔහුගේ දියණියන් ඔහුගෙන් මිදී පලායන්නට උත්සාහ ගැනීම ගැන නම් හරිහැටි හේතුවක් කිව නොහැකිය. ඔහු පැනයන දියණියන් අළාගෙන ඔවුන් සිරකර තබාගනී. ඒ නිසාම සැමගේ අවධානය ඇද ගන්නට එම සිද්ධි සමත් වෙයි.   මැද පෙරදිග ඛනිජ තෙල්වලින් පොහොසත් ප්‍රදේශවල පාලකයා වෙමින් සියලු සැප සමිපතින් ආඪ්‍යව හෙතෙම වාසය කළේය.


 200වසරේදී එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ පිහිටි සිය පවුලට අයත් පෙදෙසක නිවාඩු සුව විඳිමින් සිටියදී මැක්ටුමිගේ අම්සා නම් දියණිය පවුලෙන් මිදී පලා ගියාය. එවිට  ෂෙයික්වරයා ඊට එංගලන්ත පොලිසිය සම්බන්ධ කර ගත්තේ නැත. ඈ සොයන්නට ඔහු පීටත් කර හැරියේ තමන්ගේ එජන්තයන්ය.  මසක් ඉක්ම ගිය පසු කේම්බ්‍රිජ් ප්‍රදේශයේදී ඔවුහු සොයාගනු ලැබුහ.  අරාබී මිනිසුන් සිව් දෙනෙක්  ඈ අල්ලා ගෙන පාරේ කුදලගෙන විත් රථයක නංවා ඇයට නිදි බෙහෙත් විද්දෝය.  ඇය ආපසු ඩුබායි වෙත පියාසර කළේ පෞද්ගලීක ජෙට්යානාවකය. එදා පටන් ඇය කිසිදිනක ප්‍රසිද්ධියේ පෙනී  නොසිටියාය. මේ වනවිට ඈ සිටිය  යුත්තේ වයස අවුරුදු  40යේ තරම්ය. එහෙත් ඩුබායි රජය කියන්නේ  පවුලේ අය විසින් ඇය ආදරයෙන් රැක බලාකියා ගන්නා බවකී.


අවුරුදු දෙකකට පසුව ඇයට බාල ඇගේ අර්ධ සහෝදරිය  වයස අවුරුදු 16 දී මිදි පලායාමේ පළමු උත්සාහය දැරුවාය. ඕමන් දේශසීමාව පසුකරද්දී ඇය අ‍ාල්ලාගෙන නැවත ඩුබායි වෙත ගෙන එනු ලැබුවාය. එහි අවුරුදු තුනක් තිස්සේ ඇය සිරගතව සිටියාය. තමා හුදෙකලා කොට සිරගත කර තැබු බවත් වඳ  හිංසා පැමිණවු බවත් ඇය කියන්නීය. නැවත 2018 වනතුරු ලතීෆා කුමාරිය බේරී යන්නට උත්සාහ නොකළාය. එවර ඇය පින්ලන්ත ජාතික ශරීරාභ්‍යාස උපදේශකවරියගේ උදව්වෙන් ඕමාන් වේරළටත් එතැන් සිට ඩිංජි බෝට්ටුවකින් සහ ජෙට්  ස්කි යාත්‍රාවකින් අන්තර්ජාතික මුහුදු සීමාව හරහා ඇය ඉන්දියාවට පැමිණියාය. ඈ සැලසුම්කරගෙන සිටියේ ඉන්දියාවේ සිට දේශපාලන රැකවරණ සොයා ඇය එක්සත් ජනපදයට අහසින් යාමටයි. (ඒ වනවිටත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සිටීම වාසනාවකි)


අවාසනාවකට මෙන් දින අටකට පසුව හෝ කි.මී.  30 පමණ ඈතකදී ඉන්දියානු නාවික හමුදාවට අයත් නැවකින් පැමිණි එමිරාට් කොමාන්ඩෝ භටයෝ ඔවුන්  අළා ගත්හ. (අගමැති මෝදී ගේ රජය පොහොසත් අරාබීන්ට තවමත් ගැති නිසා ) ඉන්පසු ලතීෆා ඖෂධ මගින් නිද්‍රෝපගත කොට ගුවනින් ඩුබායි වෙත යවනු ලැබුවේය. පසුගිය දෑ අවුරුද්ද පුරාම ඇය හුදකලාව සිරඟතකොට (ඩුබායි රජය පවසන පරිදි පවුලේ උදවිය සමග සුරක්ෂිතව) මුහුද අද්දර නිවහනක රඳවා  ඇත. එහෙත් යම්  අවස්ථාවක ජංගම  දුරකථනයක් රහසේ ඈ වෙත යවන ලදුව ඇය නානකාමරයක දෙරගුළු ලාගෙන ඇගේ පින්ලන්ත  ජාතික මිතුරිය වූ ටීනා ජුවුනියායිනයින්ට රහස් විඩියෝ දර්ශන යවන්න ගත්තාය.



 මේ නිස හිරගෙයක් බවට පත්වෙලා ඇය කීවාය. ජනෙල් කවුළු සැම එකකම තදින් අගුළු දාලා. පොළිස් නිලධාරීන් පස් දෙනෙක් පිටත ,දෙදෙනෙක් ගේ ඇතුළත, මට සුළන් පොදක් විඳගන්නටවත් යන්න බැහැ. මේ පිළිබඳව බ්‍රිතාන්‍යය බලධාරීන්ටත් (ෂාම්සා  ජව්තියායින  පැහැරගනු ලැබුවේ  බ්‍රිතාන්‍යයට අයත් භූමියේදි නිසා) එක්සත් ජාතීන්ටත් පවසා තිබේ. එහෙත් ඇය සිද්ධියේ පෙනී සිටින්නට  බිය වුයේ ලතීෆාගේ රහස් දුරකථනය පිළිබඳව අන්තරායකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවිනි. එම දුරකථනය මාස 5කට පමණ පෙර අක්‍රියවී තිබේ. එබැවින් ඒ ගැන පවුලේ අය දැන් දැන සිටිති. වාසනාවකට මේ වනවිට බ්‍රිතානයෙන් යම් දුරකට සහයෝගය ලැබෙමින් පවතී.


ලතීෆාගේ කුඩම්මා වූ භායා බන්ට්  අල් හුසෙයින් කුමරිය තම දරුවන් සමග 2019 දී ලන්ඩනයට පලාගොස් එහි වාසය කිරීම ඊට හේතුවයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය මහධිකරණය තොරතුරු  සොයායමේ තීන්දුවක් නිකුත් කරනු ලැබීය. එහිදී  ශම්සා සහ ලතීෆා යන දෙදෙනාම පැහැර ගෙන ගොස් නීති විරෝධීව රඳවා ගෙන ඇතිබව තඟවුරු විය. එම තීන්දුව නිසා භායා කුමරිය සමග ඔහුගේ දරුවන් තම භාරයට නැවත පත් කරන ලෙස මක්ටුම් කළ ඉල්ලීම  ප්‍රතික්ෂේප විය. ඇගේ පළහිලව්වට මැජිහත් වන  ලෙසත් ඈ තම කොට්ටය යට  පිස්තෝලයක් තබාගෙන සිටීමට විරුද්ධත්වය ෂෙයික් වරයා මෙම ඉල්ලීම කර තිබේ.

මේ වනවිට තත්ත්වය එසේ වුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊට දැන් මැදිහත්වී ඇත. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහකොමසාරිස් කාර්යාලය කියා සිටින්නේ ලතීෆ් කුමරිය පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කඩිනමින් ප්‍රශ්න කරන බවයි.   තවත්  ප්‍රකාශකයකු කියා සිටියේ එක්සත් ජාතීන්ගේ බලෙන් රදවා ගැනීම් සම්බන්ධව ක්‍රියාකාරී වන කණ්ඩායමක් ලතීෆ් කුමරියගේ විඩියෝ දසුන් පරීක්ෂාවට ලක්  කොට ඒවා විග්‍රහ කොට ඇති බවය.   එහෙත් එය ප්‍රමාණවත් නොවනු ඇත්තේ ෂෙයික්  මොහොමඩ් මුහුණ දිය යුතු ප්‍රශ්නයක් බවට එය පත්ව ඇති නිසාය.  ගල්ස් ප්‍රදේශයේ අනෙක් සියලුම රජවරුන් හා හෙයින් ඔහු ගැන කියනදේ ඔහු දැන් දනී. ඔවුන් අසන්නේ මොහොමඩ්ට තමාගේ ගැහැනුන් ආම්බාම් කර ගන්නට බැරි ඇයි? යනුවෙනි.

ග්වින් ඩෙයර්ගේ ලිපියක් ඇසුරින් - සමන් පුෂ්ප ලියනගේ