
ප්‍රථම වතාවට හෙට (31) මෙරටට ගෙන එන සිනෝෆාම් එන්නත් තොගය ලබාදෙන්නේ මෙරට සිටින චීන ජාතිකයන් හට පමණක් බව සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (30) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.
මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය ප්‍රධාන කාර්යයක් ලෙස අදාල සායනික පරීක්ෂණ වාර්තා චීන භාෂාවෙන් ඉංග්‍රීසී භාෂාවට පරිවර්තනය කිරීම පිළිබඳ ගැටළුවක් පවතින බවත්, ඒ අනුමැතිය ලැබුණු විගස ශ්‍රී ලංකාවේ අනෙකුත් ජන කොට්ඨාශ වලටත් එම එන්නත ලබාදීමේ හැකියාවක් තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval