ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (ඒඑම්එස්) මගින් කොරෝනා සඳහා ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇති චීනයේ සිනොෆාර්ම් එන්නත සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපියේ සඳහන් වන්නේ මෙම එන්නත ලංකාවේ හදිසි භාවිතයට අනුමැතිය ලබාදීම විද්‍යාත්මක පදනමකින් සිදුවී නැති බවයි.
එසේම ලංකාවට විශාල වශයෙන් තොග ඇණවුම් කර තිබෙන මෙම එන්නත ඉදිරියේදී ලංකාවේ ජනතාවට ලබාදුණහොත් ජනතාවට ජීවිත අනතුරුදායකත්වය පිළිබඳ අවදානමක්ද පවතින බව ඔවුහු අවධාරණය කරති.




එම මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වේ.

රජයේ ඖෂධ නියාමන අධිකාරිය මගින් පසුගියදා ලංකාවට අනුමත කළ බවට ප්‍රකාශ කෙරුණ චීනයේ සිනොෆාර්ම් එන්නත ගැන ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි අවධානය යොමු කර තිබේ.
මෙම අනුමැතිය ලබාදීම වෙනුවෙන් ස්වාධීන මණ්ඩලයක සමාලෝචනයක් සිදුවුණ අතර මාර්තු 17 දිනැති එම වාර්තාව මගින් සිනොෆාර්ම් නිෂ්පාදකයින් ප්‍රමාණවත් දත්ත ඒ සඳහා යොමු කර නැති බව දන්වා තිබුණි.
එන්නතෙහි ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ ප්‍රතිශක්තිකරණභාවය පිළිබඳ තීරණය කිරීම සඳහා එම දත්ත අවශ්‍ය බැවින් සීනෝෆාර්ම් එන්නත ලබා නොදිය යුතු බව නිගමනය විය. නිසි ලෙස පිහිටුවා ඇති ස්වාධීන විශේෂඥ පිරිසකගේ මෙම පැහැදිලි නිර්දේශය නොතකා උපදේශක මණ්ඩලය, අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මණ්ඩලයක් හරහා මෙම අනුමැතිය ලබාදීමට කටයුතු කර තිබෙන බව පෙනෙන්නට තිබේ.
රජයේ ඖෂධ නියාමන අධිකාරිය මේ ගෙන ඇත්තේ පෙර නොවූ විරූ පියවරකි.
 එම එන්නත ආනයනය කිරීමටත් ශ්‍රී ලංකාවේ භාවිතා කිරීමටත් ඒ අනුව ඔවුන් ඉඩ ලබා දෙන ලදී. මෙහිදී
 සමහර අත්තනෝමතික පත්වීම් සහ ඉවත් කිරීම් පිළිබඳව දැඩි කනස්සල්ලෙන් හා තැතිගැන්මෙන් අපි සටහන්
තැබීමට කැමැත්තෙමු.
විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත අනුමත කර ඇති බව අපි හඳුනාගෙන ඇත්තෙමු.
වසංගතය හමුවේ පෙරමුණේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් වශයෙන්, අපට පවතින්නේ දැවෙන අවශ්‍යතාවයකි.


 මෙ සියල්ල සාමාන්‍ය ජනතාවගේ ජීවිත පිළිබඳ විනිශ්චයකි. එබැවින් එන්නතට ආරක්ෂාව, කාර්යක්ෂමතාව තිබිය යුතු අතර සාමාන්‍ය ජනතාව වෙත යමක් ලබාදීම වගකීම් සහිතය.
 කොවිඩ් 19 එන්නතෙහි යෝග්‍යතාවය පිළිබඳ තීරණය යහපත් හා විද්‍යාත්මකව ගත යුතුය.
ලෝක සෞඛ්‍ය සංවිධානය ඔප්පු නොකළ ඕනෑම එන්නතක් ලබා ගැනීමට එරෙහිව අපි දැඩි ලෙස අනතුරු අඟවන්නෙමු.
 කොවිඩ් -19 ට එරෙහි සටනට මෙම කාරණාව අතිශය අහිතකර බව ඔප්පු කළ හැකිය. එපමණක් නොව,
 ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීමේදී ලංකාව තුළ අපේක්‍ෂා කළ හැකි වාර්තාව යහපත් වුවහොත් පමණි එන්නත් වල විශ්වාසය හා පිළිගැනීම පවා පවත්වා ගත හැකි වන්නේ යන්න අපේ හැගිමයි.
ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම කරුණු දක්වන්නේ ප්‍රවේශමෙන්, කාලෝචිත හා විනිවිද පෙනෙන සමාලෝචනයක් සඳහා ප්‍රබල උපදේශනයක් ලෙසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීනත්වය මෙම සටන ජයගැනීමට හිතකර වන බව නැවත පෙන්වා දෙන්නෙමු.

විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ