
පසුගිය 2020 කොරෝනා වසංගතය උත්සන්නව පැවති වකවානුවේ රූපවාහිනී නාලිකාවක අවුරුදු උත්සවයක් කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් නිරෝදායන නීති වලට පටහැණිව පවත්වන්නට යෙදීම ගැන කතාබහක් ඇති විය. එවැනි අය අත්අඩංගුවට ගත හැකි බවටද එවක පොලිස් මාධ්‍ය නිවේදන මගින් පැහැදිලි කෙරිණි.
මෙම කතාබහට මුල්වූයේ එවක හිරු ටීවී නාලිකාවේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ නිරෝෂ් මෛත්‍රී මහතා සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ අදාළ වැඩසටහනේ වීඩියෝ ඛණ්ඩයක් මුදාහැරීම හේතුවෙනි.
මෙම සංසිද්ධියෙන් පසු පරීක්ෂණයක් හෝ නොපවත්වා තමාව සේවයෙන් ඉවත් කළ බවට නිරෝෂ් මෛත්‍රී මහතා කම්කරු උසාවියේ නඩුවක් ගොනු කර තිබේ. මෙම නඩු විභාගය පසුගිය 04 වනදා කැඳවා තිබූ අතර නාලිකාව වෙනුවෙන් කිසිදු නියෝජිතයෙකු අධිකරණයට පැමිණ නොසිටි බව වාර්තාවේ. වැඩිදුර විභාගය 22 දක්වා කල් තබා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval