new-zealand-shark

නවසීලන්තයේ චැතම් රයිස් නම් මුහුදු සීමාවේ පතුලේ වාසය කරන අදුරේදී දිළිසීමකට ලක් වන මෝරුන් විශේෂ තුනක් හදුනාගත් බව විද්‍යාඥයන් පිරිසක් පවසයි. මේ අතරින් එක් වීශේෂයෙන් මෙවැනි හැකියාවක් පවතින විශාලතම පෘෂ්ඨවංශිකයා බවටද හඳුනාගෙන ඇතැයි සඳහන් වෙයි. මෙම ත ත්වය ජෛවදීප්තිය (Bioluminescence) ලෙස හැදින්වෙන අතර,  මුහුද මතදී එය අසාමාන්‍ය තත්වයක් වුවත්, මුහුදු පතුලේදී එය සාමාන්‍ය තත්වයකි.

මෙම ජෛවදීප්ත තත්වය ජෛව රසායනික ප්‍රතික්‍රියාවක් හරහා සිදු වන්නකි.ඒ අනුව මෙම අධ්‍යයනය හරහා මෝරුන් තුළ පවතින මෙම හැකියාවේ විවිධත්වය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගත හැකි බව පර්යේෂකයන් පවසයි. එසේම මෙලෙස දිලිසුමක් සහිත මෝරුන් පිළිබඳව තවදුරටත් දැන ගැනීමට තවත් අධ්‍යයනයන් උපකාර වනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.මුහුදු මට්ටමේ සිට මීටර් 200ත්මීටර් 1000ත් අතර ගැඹුරේ පිහිටි mesopelagic කලාපය හෙවත් twilight කලාපය තුළදී මෙම මසුන් හමුවී ඇත. සූර්යයාගෙන් පැමිණෙන ආලෝකය මුහුද තුළදී ගමන් ගන්නා උපරිම ගැඹුර මීටර් 200ක් ලෙස හදුනාගෙන ඇත. ඒ අනුව තමන් වෙසෙන පරිසරයට අනුව මෙම සතුන්ගේ ඉන්ද්‍රියන් ඇතුළු ශරිරයද වෙනස් වීමට ලක්වීම සිදුවෙයි.