
තෙල්දෙණිය පොලිස් වසමේ දිගන, අඹකොටේ ප්‍රදේශයේ නිවෙසක කමරයක් තුළ අඩි 20ක් පමණ ගැඹුරු අබිරහස් වළක් හාරා තිබියදී හමුවී ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි.තෙල්දෙණිය පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් හා පුරාවිද්‍යා අංශ නිලධාරින් ඊයේ (4) එම නිවස වටලා පරික්ෂණයක් සිදු කළ බවද
තෙල්දෙණිය පොලිසිය කියයි.දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු මෙම නිවස කුලියට ගෙන තිබූ බව තෙල්දෙණිය පොලිසියේ නිලධාරින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබේ.
ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත තෙල්දෙණිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් එම නිවෙසට ගොස් විමර්ශන ආරම්භ කළ අතර මෙම වළ කුමන හේතුවකට හෑරුවා දැයි පොලිසිය පුරාවිද්‍යා නිලධාරින් හා එක්ව දැනට පරීක්ෂණ ආරම්භ කර තිබේ. නිධානයක් වැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වස්තුවක් සෙවීමේ අරමුණින් නිවෙස තුළ මෙතරම් ගැඹුරට වළක් හාරන්නට ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් සැක පහළ කරයි.නිවෙස් හිමිකාර පාර්ශ්වයේ සහ නිවස කුලියට ගත් පාර්ශවයේද ප්‍රකාශ සටහන් කරගෙන මෙම නිවස තුළ අබිරහස් උමගක් කැණීම් කළේ කුමන හේතුවකටදැයි පොලිසිය හා පුරාවිද්‍යා අංශ සමග එක්ව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව තෙල්දෙණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් සේරම් මහතා කළ විමසීමකදී ප්‍රකාශ කළේය.
(ජේ.ඒ.එල්. ජයසිංහ)
Comments
Post a Comment
Your comment will be visible after approval