dilini jayasuriya


ආන්දෝලනයට තුඩුදෙමින්  ඝාතනයට ලක්වූ කුරුවිට ප්‍රදේශයේ 30 හැවිරිදි දිලිනි ජයසූරිය ගැන එම නිවසේ ඇය කුඩා කාලයේ සිට බලා හදාගත් ඥාතී කාන්තාව විස්තරයක් කර තිබේ.
හැම පැත්තෙන්ම ඇය ගැන නරක ආරංචි පැතිරෙන අතරවාරයේ ඥාතී කාන්තාව පවසා සිටින්නේ දිලිනි අහිංසක බවයි.
දිලිනිගේ පියා මියගොස් ඇත්තේ ඇයට වයස 10 දීය. අනතුරුව මෙම ඥාතී කාන්තාව මෙම නිවසට පැමිණ ඇති අතර දිලිනිගේ වයෝවෘද්ධ මවත් සමග එක්ව දිලිනිත් අයියාත් රැකබලාගන්නට මැය උපකාර කර තිබේ.
ඇය මෙසේ කියන්නීය.
'මෙයා ගැන දැන් මිනිස්සු එක එක කතා කියනවා. ඒත් අපි දන්නව මේ දරුවා ගැන මෙයා හරිම සමාජශීලියි. සමාජයේ එකමුතුවක් විදිහට ඉන්න තමයි හැමවිටම බැලුවෙ. අයියගෙ වැඩවලටත් උදව් කළා. ඒ අතරෙ තමා මේ සම්බන්දෙත් ඇති වෙලා තියෙන්නෙ. හැබැයි ඒ ගැන අපි දැනගෙන හිටියෙ නැහැ. නමුත් වැඩිමල් දරුවෙක්නෙ. එයා ගන්න තීරණ වලට අපි ඇඟිලි ගහල නැහැ.
මේ දරුවා හැමදේකටම ගමේ හැම ගෙදරකටම උදව්වෙන දරුවෙක්. මළගෙයක් වුණත් මේ දරුවා යනවා උදව් කරනවා. අම්මා විතරයි ඉන්නෙ තාත්තා නෑ. හැමදෙයක්ම ආරංචි වුනේ ටීවී එකින් දැකලා අපි එතකං දන්නෑ . ඊට පස්සෙ පොලිසියෙන් ඇවිත් තිබුණ ගෙදරට. ඒකින් පස්සෙ තමා එයාගෙ අයියා කොළඹ ගියේ.
මේ වගේ අඳුනගන්න බැරි විදිහට විකෘති වෙලා මෙහෙම විපත්තියක් එයාට වෙයි කියල අපි හීනෙකිංවත් හිතුවෙ නැහැ.
හිස නං නැහැල්ලු. අපිට අඳුනගන්න බැරි වුණ නිසා ඩීඑන්ඒ එකක් කරනවලු. ඒකට එයාගෙ අම්මවත් එක්කං ගියා. මෙහෙම වෙයි කියල හිතුවෙ නැහැ. එයාගෙ අම්මත් ලෙඩගානෙ ඉන්නෙ..ස්නායු ලෙඩක් හැදිල දැන් හුඟක් කල්. අම්මට කල්පණාවක් නැහැ. මේ දේ කිව්වට තේරුමකුත් නැහැ.තාම සිරිපාදෙ ගිහින් එයි කියල බලාන ඉන්නවා.


මේ වගේ අපරාධයකට අහුවෙයි කියල එයා හතින් නැහැ සර්.
පොඩි කාලෙ ඉඳල අපි මේ ළමයි දෙන්නම හදාගත්තෙ. තාත්ත නැති වෙලා අපට දැන් අවුරුදු 20 ක් විතර වෙනවා.
තාත්ත කෙනෙකුත් නැතිව හැදුනෙ අමාරුවෙන්. මේ දෙන්නම හරිම අහිංසකයි පුතාත් හරිම අහිසකයි.
ඒනිසා ඔබතුමාන්ලාගෙන් ඉල්ලන්නෙ මේවගේ දේවල් කරපු අයට නීති මාර්ගයක් ගන්න කියලා.'