isis-linked-to-mozambique

අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි මොසැම්බික් රාජ්‍යය ඉස්ලාම් රාජ්‍ය (IS) නම් අන්තවාදී, ත්‍රස්තවාදී සංවිධානයේ අලුත්ම ගොදුර බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 2017 වසරේ සිට එරට තුළ සිදුවුණු දරුණු ගණයේ ත්‍රස්තවාදී පහරදීම් ඇතුළු අත්තවාදී ක්‍රියාවන් අනුව මේ පිළිබඳ කරුණු සනාථ කෙරී තිබේ. මොසැම්බික් රාජ්‍ය තුළ ක්‍රියාත්මක මෙම ත්‍රස්තවාදී සංවිධානය Ahlu Sunney Wa-Jama ලෙස නම් කෙරී ඇති අතර, අල්-ෂබාබ් ලෙසින්ද හැදින්වෙන මෙම සංවිධානය සතුව ඉරාකයේ සහ සිරියේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍ය (ISIS) සංවිධානයේ ඍජු සබදතා ඇතැයිද අනාවරණය වී තිබේ.ඒ අනුව එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සතියේදී මෙම සංවිධානය සහ එහි නායකයා ලෙස හඳුනාගෙන ඇති අබු යසීර් හස්සන් නැමැත්තා විශේෂයෙන් නම් කළ ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් අසාදු ලේඛනගත කිරීමට පියවර ගෙන ඇත.

එහිදී එක්සත් ජනපදය විසින් මෙම Ahlu Sunney Wa-Jama කණ්ඩායම හඳුන්වා දී තිබේ.මෙම නම් කිරීමත් සමග එම සංවිධානය සහ එහි නායකයන්ට අයත් තුළ පිහිටි සියලුම වත්කම් රාජසන්තක වීම සිදුවෙයි. එසේම එම සවිධානය වෙත පහසුකම් සැලසීමද දරුණු අපරාධයක් ලෙස සැලකීම සිදුවෙයි.මේ අතර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරය තුළදීද මේ වනවිට IS සංවිධානයේ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් උඩුදුවමින් තිබෙන බවත්, එරට තුළ ක්‍රියාත්මක සංවිධානය Allied DemocraticFores ලෙස හැදින බවත් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. එම සංවිධානයද අන්තවාදී ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස අසාදු ලේඛනගත කිරීමට එක්සත් ජනපදය පසුගියදා පියවර ගෙන තිබේ. එක්සත් ජනපදය විසින් එය ISIS-DRC ලෙස හදුන්වා දෙයි. එහි නායකයා වන්නේ සේකා මුසා බාලුකු නමැත්තෙකි.ISIS (ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාම් රාජ්‍යය සංවිධානය 2019 වසරේදී තමයි. මධ්‍යම අප්‍රිකානු පළාත් සඳහා වන ඉස්ලාම් රාජ්‍ය සංවිධානය (ISCAP) පිහිටවූයේ.

 ඒ හරහා මධ්‍යම, නැගෙනහිර සහ දකුණුදිග අප්‍රිකාව පුරා සිය සංවිධානය ව්‍යාප්ත කිරීම අරමුණ වුණා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. මෙහිදී මොසැම්බික් රාජ්‍යයේ ක්‍රියාත්මක Ahlu Sunnah Wa-Jama බොහෝ දෙනෙකු  අල්-ෂබාබ්) ලෙස හදුන්වන සංවිධානය ඒ තුළ සිය පළමු වැනි ප්‍රහාරය සිදු කර ඇ ත්තේ 2017 වසරේදීය. එයට බොරතෙල් වලින් පිරුණු කැබෝ ඩල්ගාඩෝ පළාත ඔවුන්ගේ නිම වෙයි.මොවුන් ආරම්භයේසිටම ගෙල සිඳ සිදුකරන ඝාතන සම්බන්ධයෙන් වඩාත් ප්‍රකටව සිටි බව පැවසෙයි. 2019 වසරේදී එම සටන්කරුවන් ඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කර බවට දිවුරුම් දී ඇති අතර, එතැන් සිට ඔවුන් එරට තුළ සිදුකරන ප්‍රහාර සංඛ්‍යාව සහ අවස්ථා සංඛ්‍යාව ඉහළ නංවා තිබේ. මාධ්‍ය වාර්තාවලට අනුව 2020 නොවැම්බර් මාසයේදී මෙම කණ්ඩායම මොසැම්බික් රාජ්‍යයේ උතුරුදිගට වන්නට පිහිටි ගම්මානයක් වෙත කඩා වැදි එහි සිටි පුද්ගලයන් 50දෙනෙකුට අධික පිරිසකගේ ගෙල සිඳ ඝාතනය කර ඇත. එහිදී ඔවුන් ගම්මානයේ පිහිටි පාපන්දු පිටියක් ඝාතක පිටියක් බවට පත්කරගෙන ඇති අතර, මරාදැමුණු පිරිසගේ සිරුරුද තවදුරටත් කොටස්වලට කපා දමමින් ඔවුන් තමන් සතු කෘරත්වය ලොවටම පෙන්නුම් කර ඇත.



මෙම සංවිධානයේ ක්‍රියාකාරිත්වය ආරම්භ වූ දිනයේ පටන් මේ දක්වා මොසැම්බික් රාජ්‍ය තුළ 2,000කට අධික පිරිසකට ජීවිත අහිමි වී ඇති අතර. 430,000ක් පමණ දෙනා අවතැන් වී සිටිති. වීශේෂයෙන්ම ඉස්ලාම් ජනතාව වෙසෙන පළාත් ආශ්‍රිතව මෙම ගැටුම් ඇතිවී තිබේ. Ahlu Sunnah Wa-Jama කණ්ඩායම ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම අරමුණු කරගනිමින් එම පළාත්වල සිටින දරිද්‍රතාවයෙන් සහ විරැකියාවෙන් පෙළෙන තරුණ පිරිස් සිය සංවිධානය වෙත බදවා ගැනීම සිදුකරන බවත් සදහන් වෙයි. මේ අතර ISIS සංවිධානයට හිතවත් මෙම Ahlu Sunnah Wa-Jama කණ්ඩායම මඟින් මොසැම්බිරාජ්‍ය වෙත එල්ල වී ඇති තර්ජනය පිට්ටුදැකීම සඳහා ජාත්‍යන්තරයේ සහය අවශ්‍යව ඇතැයි එරට රජය මීට පෙර සදහන් කර තිබුණි. විශේෂයෙන්ම මේ සදහා සිය රජයේ හමුදාවන් වෙත විශේෂඥ පුහුණුවක් අවශ්‍යව ඇතැයිද මොසැම්බික් බලධාරින්ගේ අදහස වී තිබේ.
 

isis-linked-to-mozambique