
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය (අයි.පී.එල්.) නව ආකෘතියක් යටතේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහ අයි.පී.එල්. තරග සංවිධායකයන් තීරණය කර තිබේ. එනම් සියලු කණ්ඩායම් කාණ්ඩ දෙකකට බෙදා තරඟ පැවැත්වීමට යෝජනා වී ඇත.
එමෙන්ම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සඳහා නගර 05ක ක්‍රීඩාංගණ පමණක් යොදා ගැනීම කෙරෙහි මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ ඒ මේ වනවිට පවතින කෝවිඩ් - 19 වසංගත තත්වය හේතුවෙනි. ඒ අනුව චෙන්නායි, කොල්කටා, අදාබාද්. බැoගලෝර් සහ දිලි යන ක්‍රීඩාංගණ කෙරෙහි අවධානය යොමුව තිබේ.මීට අමතරව මුම්බායි නගරය යොදා ගැනීම කෙරෙහි ප්‍රාන්ත රජය සමග තවදුරටත් සාකච්ඡා සිදු කරමින් පවතින අතර, තවමත් අවසන් තීරණයකට පැමිණීමට නොහැකිව ඇති බව අයි.පී.එල්. තරග සංවිධායකයන් පවසයි.මීට පෙර මුම්බායිහි ක්‍රීඩාංගණ 04කදී පමණක් තරග පැවැත්වීම කෙරෙහි සාකච්ඡා පැවැත්වුණද මුම්බායි නුවර මේ වනවිට පවතින කෝවිඩ් - 19 වසංගත තත්ව ව්‍යාප්තිය හේතුවෙන් එම අදහස අත්හැර දැමීමට සිදුව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval