
දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයේදී අට හැවිරිදි දැරියක මරුමුවට පත්වීම සම්බන්ධව අත්අඩංගුවට ගත් දැරියගේ මව හා කට්ටඬි කාන්තාව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට මහර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය ඊයේ (01 වැනිදා) නියම කළාය.
දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේ පදිංචි කට්ටඬි කාන්තාව වන මොහොමඩ් ෆාරුක් ලාහිලා පාලිදා (අවු. 38) හා දැරියගේ මව වන පාතිමා රිෂ්තා (අවු. 40) යන කාන්තාවන් දෙදෙනා මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඉකුත් සෙනසුරාදා (27 වැනිදා) පස්වරුවේ මෙම දැරියගේ මව විසින් දැරිය එම නිවෙස ආසන්නයේ නිවෙසක පවත්වා ගෙන ගිය ශාන්තිකර්ම මධ්‍යස්ථානයට අමනුෂ්‍ය දෝෂයක් දුරු කර ගැනීම ස`දහා රැගෙන ගිය අවස්ථාවේ ශාන්තිකර්මය කළ කාන්තාව විසින් දැරියට එකී ශාන්තිකර්මයේදී වේවැලකින් පහර දීමෙන් දැරිය මරුමුවට පත්වී ඇතැයි පැවසේ.
මේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ දෙල්ගොඩ, කදුබොඩ ප‍්‍රදේශයේම පදිංචිව සිටි මොහොමඩ් රිෆ්කා පාතිමා රිෂ්ෆා නමැති අට හැවිරිදි දැරියකි.
මේ සිද්ධිය පිළිබඳව මිගහවත්ත පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හේරත් හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඒ. විමලරත්න යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
බියගම - සුදත් පුබුදු කීර්ති හා දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන
Comments
Post a Comment
Your comment will be visible after approval