health-issues-sri-lanka

මෙරට ජනගහනයෙන් 60%ක් බෝ නොවන රෝග වන දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් රෝග හා පිළිකාව වැනි රෝගවලින් පීඩා විඳින බවත්, පුද්ගලයන් අවුරුදු 35ට පෙර ප්‍රාථමික සත්කාර සේවය පවතින දිවයින්නේ සෑම රෝහලකට පැමිණ පරීක්ෂා කිරීම තුළින් ඒවාට ප්‍රතිකාර ලබා ජීවත්වීමේ වයස දීර්ඝ කරගැන්මට හැකියාව  (අවු. 70-80ත් අතර) ලැබෙන බව ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසීය. ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ, පෙරේදා (03දා) උණවටුන දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පැවැති දකුණු පළාත් ප්‍රාථමික රෝහල්වල වෛද්‍යවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා "මේ රටේ ප්‍රජාව ගත්හට මෙතෙක් කල් රටේ ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශය ක්‍රියාත්මක වූණා.

බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් නතරකර නවතම ක්‍රමයක්ලෙස තෝරාගත් රෝහල් 250ක පමණ ප්‍රාථමික සත්කාර සේවාවෙන් අපි බලාපොරොත්තු වනුයේ අවුරුදු 35ට අඩු ජනතාව රෝගවලින් වලක්වා ගැනීම සහ මෙම ප්‍රාථමික රෝහල වෛද්‍යවරු මගින් බෝ නොවන රෝග පිළිබඳව පරීක්ෂණයක් සිදුකර ගතහොත් ඒ අයගේ මරණය සිදුනොවී අවම වශයෙන් අවු.70-80 අතර පැවත්වීමට හැකියාව ලැබෙනවා.අද ලංකාවේ ජනතාව 60%ක් පමණ බෝ නොවන රෝග දියවැඩියා, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් පිළිකාව වැනි රෝගවලින් පෙළෙනවා.

පුද්ගලයන් අවුරුදු 35ට පෙර ප්‍රාථමික සත්කාර සේවය පවතින දිවයිනේ සෑම රෝහලකට පැමිණ පරීක්ෂා කිරීම තුළින් ඒවාට ප්‍රතිකාර ලබා ජීවත්වීමේ වයස දීර්ඝ කරගැනීමට හැකියාව (අවු. 70-80ත් අතර) ලැබෙනවා.ප්‍රාථමික සෞඛ්‍ය සේවා බලගැන්වීම යටතේ 2020 වර්ෂයේ පෙබරවාරි 28 වැනිදා වනවිට අම්පාර, කරෙයිනගර්, වැල්වැටිතුරේ, සමන්තුරේ, පුත්තලම නගරයෙද මුල්කිරිගල, රන්න, දෙයියන්දර ඇතුළු තවත් රෝහල් 100ක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබෙනවා. 2023 දෙසැම්බර් අවසන් විට මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ ප්‍රධානම අංගයක් ලෙස ප්‍රාථමික රෝහල් වැඩිදියුණු කිරීම හඳුන්වාදී තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සවිබල ගැන්වීම සඳහා 2019 වර්ෂයේ ලෝක බැංකුව මගින් ඩොලර් මිලියන 185ක් ලබාදී තිබෙන අතර, එයින් ඩොලර් මිලියන 05ක් මේ රටේ කොරෝනා සඳහා වැයවී තිබෙනවා.ජනතාවට ප්‍රාථමික රෝහල් සිත්ගන්නා ස්ථානයක් බවට පත්කිරීම සුන්දර පරිසරයක් බිහිකිරීම ජනතාව ප්‍රධාන රෝහල් බාහිර රෝගී අංශ වෙත යොමු නොකිරීම සහ අවුරුදු 35ට අඩු ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම මෙම ප්‍රාථමික රෝහල් වෙත පැමිණ තමන්ගේ ඇගේ පවතින රෝග පරීක්ෂාකර ඒවාට හැකි විගසින් ප්‍රතිකාර ලබා තම වේලාසනින් මියයාමට තිබූ කාලය අවුරුදු 70-80 අතර ආයු කාලයක් ඇතිකිරීම මේ සඳහා ප්‍රමුඛත්වය ලැබෙනු ඇති අතර මිනිසාගේ ආයු කාලය වැඩි කිර්ම බලාපොරොත්තු වෙනවා.

මේ රටේ ග්‍රාම නිලධාරී වසම් 18500ක් ඇති අතර රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ග්‍රාමනිලධාරින්ගේ සහායද ලබාගත යුතු වෙනවා. ගමේ අසනීප ලෙඩුන් ගැන ග්‍රාම නිලධාරීවරු ගමේ සේවය කරන බැවින් ඔවුන්ගේ සේවයත් මෙයට එකතු කරගත ඇති බවත් මේ හරහා ප්‍රාථමික සත්කාර සේවය දියුණු කරගැනීමට අවම වශයෙන් පැවැත්වෙනවා. මෙම ප්‍රාථමික සත්කාර සේවය පවත්වාගෙන යාම සඳහා එක් රෝහලකට වෛද්‍යවරු දෙදෙනෙකුගේ හා හෙද නිලධාරිනියන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය වෙනවා." යැයි පැවසීය.

 (චන්දන සමරවික්‍රම)