
දූෂණ චෝදනා ලැබ සිටි ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයකු වන නිකොලස් සර්කේසුට අවුරුදු 2ක කාලයකට අත්හිටවූ අවුරුදු 3ක සිර දඬුවමක් පැරිස් නුවර මහාධිකරණය නියම කළේය. මෙසේ අධිකරණයෙන් දඬුවම් නියම වූයේ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පැවැත්වූ මූල්‍ය වංචා විමර්ශනයක් සම්බන්ධයෙන් තොරතුරු ජ්‍යෙෂ්ඨ මහේස්ත්‍රාත්වරයකුගෙන් නීති විරෝධී අන්දමින් ලබා ගැනීමේ චෝදනාවට හේ වරදකරු කිරිමෙන් අනතුරුවය.
නිකොලස් සර්කේසු 2012 සිට 2007 දක්වා කාලය තුළ ප්‍රංශයේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කළේය. දඬුවම නියම කළ විනිසුරුවරයා පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයා සිර කුටියක් තුළ සිර දඬුවම ගෙවා දැමීම අනවශ්‍ය බවත් ඒ වෙනුවට ඔහු සිදු කළ යුත්තේ ඔහුගේ හැසිරිම නිරික්ෂණය කිරීම සඳහා පැළඳිය යුතු ඉලෙක්ට්‍රොනික වළල්ලක් පැළඳ නිවසේ කාලය ගත කිරීම බවත්ය. මෑත කාලීන ප්‍රංශ ඉතිහාසය තුළ මෙවන් දඬුවමක් ලැබූ ප්‍රථම ජනාධිපතිවරයා වනුයේ 66 හැවිරිදි නිකොලස් සර්කේසුය.
Comments
Post a Comment
Your comment will be visible after approval