ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට්
ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ ප්‍රධාන පෙළ ක්‍රිකට් තරගාවලියක් නියෝජනය කරන ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වෙමිනි.


ඇය නමින් ලිමන්සා තිලකරත්නය. ඕස්ට්‍රේලියාවේ බීකන්හිල්ස් විද්‍යාලයේ 6 වැනි ශේ්‍රණියේ ඇය ඉගෙනුම
ලබන්නීය.  ඇය Kookaburra Women’s Premier Thirds  ක්‍රිකට් තරගාවලිය සඳහා මෙල්බර්න්
ක්‍රිකට් සමාජයීය කණ්ඩායම නියෝජනය කරන්නීය. ඇයගේ මෙම දක්ෂතාව අගය කරමින් ඇය ඉගෙනුම ලබන
විද්‍යාලය ඇයට සුබපැතුම් එක්කර එම ෆේස් බුක් පිටුවේ සටහනක්ද තබා තිබේ.

ලිමන්සා සිය පියා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් සහ මව වන රංගන
ශිල්පිනියක වූ මංජුලා තිළිණි සමඟ ඕස්ට්‍රේලියාවේ වාසය කරති. ඩිල්ෂාන් පසුගිය කාලයේ දේශපාලනයට පිවිස මහමැතිවරණයට ඉදිරිපත්වීමට උත්සාහ කළත් ඔහුට තරගකිරීමට ලැබෙන්නට ගිය අවස්ථාව තරගකාරීන් වළකනලද බවත් ඒ නිසා ඔහු කලකිරී ලංකාවේ වාසය අතැර ගිය බවත් පසුගිය දිනවල වාර්තා පළව තිබුණි.