ඉපැරණි රෝමයේ පැවැත්වුණු උත්සව අවස්ථා සදහා යොදාගත් බවට සැලකෙන කරත්තයක් සොයා ගැනීමට හැකියාව ලැබුණු බව ඉතාලි පුරාවිද්‍යාඥයන් පිරිසක් පවසති. 

එරට පිහිටි සුප්‍රසිද්ධ පොම්පේ නගරයට ඔබ්බෙන් සිදුකළ ගවේෂණයකදී මේ කරත්තය හමුව තිබේ. ඉතාමත් හොදින් ආරක්ෂා වී තිබී ඇති මෙම රෝද හතරකින් යුතු කරත්තය යකඩ, ලෝකඩ සහ ටින් යන ලෝහ යොදා ගනිමින් සකස් කර තිබේ. මෙතෙක් කලක් එරටින් හමුවුණු මෙවැනි කරත්ත සෑම එකක්ම පාහේ බොහෝවිට ප්‍රවාහන හෝ වෙනත් සේවා සදහා යොදාගත් ඒවා වන බවත්, උත්සව සදභා යොදාගත් කරත්තයක් හමුවූ පළමු වැනි අවස්ථාව මෙය බවත් පොම්පේ පුරාවිද්‍යා පරිශ්‍රයේ හිටපු අධ්‍යක්ෂවරයා පවසයි. "මෙය ඉපැරණි ලෝකය පිළිබදව තේරුම් ගැනීම සදභා සිදුකළ වඩාත් සුවිශේෂී සොයා ගැනීමක්. ඇතැම් විට මෙය උත්සව, පෙරහර හෝ වෙනත් පූජනීය කටයුතු සදහා යොදාගත්තට ඇති.” යනුවෙන් පවසා ඇත.