
කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර ජුන්ටා ආණ්ඩුව ලෝකයේ තවම පිළිගැනීමට ලක්ව නැති අතර ඔවුන් සිදු කර ඇත්තේ වරදක් බව ලෝක නායකයින් ගණනාවක් මෙන්ම ලෝක සංවිධාන මගින් දන්වා ඇති පස්‍රබිමක එම ජුන්ටාව පත්කළ නව මියන්මාර විදේශ අමාත්‍යවරයා වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන BIMSTEC සමුළුවේ සැසියක් සඳහා ආරාධනා කර තිබීම ගැටලුකාරී වී තිබේ.
ඇමති දිනේෂ් විසින් සිදුකරන ලද ආරාධනාවකට මියන්මාර වැසියන් සමාජ ජාල ඔස්සේ දැඩි විරෝධය පළ කරමින් සිටී.
ඉන්දියාවේ ද හින්දු ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ද වාර්තා පළ කර ඇත්තේ ශ්‍රී ලංකාව මියන්මාර හමුදා නියෝජිතයන්ට නිල වශයෙන් පිළිගැනීමක් ලබාදෙමින් ආරාධනා කර ඇති බවයි.
එළැඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති මෙම රැස්වීම සඳහා මෙම ආරාධනාව විදේශ අමාත්‍ය ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කර තිබේ.
කෙසේ නමුත් විදේශ අමාත්‍යංශ ලේකම්වරයා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ මියන්මාර වත්මන් විදේශ ඇමතිට ආරාධනා කරන ලද්දේ මියන්මාරය BIMSTEC සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හෝ අත්හිටුවීමට නොහැකි නිසා බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval