
කළුබෝවිල, ආසිරි මාවතේ වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් තුළ ඊයේ (10) රාත්‍රී 11.30ට පමණ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය පැවසුවේය.
එම මෝටර් රථයද සම්පුර්ණයෙන් පිළිස්සී තිබූ අතර මෝටර් රථය තුළ තිබූ පුද්ගලයාගේ සිරුර ද පිළිස්සී ඇති බව හඳුනාගන්නට ලැබිණි
මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව දැනට හඳුනාගෙන ඇත.
ඔහු රාත්‍රියේ ආහාර ගැනීමට මෙම රථයේ නැගී යම් ස්ථානයකට ගොස් ඇති බවත් ඉන් පසුව මෙම සිදුවීම වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
රජයේ රස පරීක්ෂකවරයා ද එම ස්ථානය නීරික්ෂණයට පැමිණෙන බව පොලීසිය පැවසුවේ ය.
සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් අද පැවැත්වීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval