
බෑගයක අසුරා කොළඹ වේල්ලවීදියේ දමා ගොස් තිබියදී මළ සිරුර සොයාගත් එල්.ඩී. දිලිණි යසෝධා ජයසුරිය (30) නමැත්තිය ගේ මරණයට හේතු සොයා ගැනීමේ පශ්චාත් මරණ පරික්ෂණය ඇයගේ ඩී.එන්.ඒ. පරික්ෂණ වාර්තාව ලැබීමෙන් පසුව සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ඊයේ (04) පැවැසීය.
එතෙක් මළ සිරුර කොළඹ පොලිස් මත ශරීරාගාරයේ තැන්පත් කර තැබෙනු ඇත. දිලිණි යසෝධා නමැති තරුණිය ඝාතනය කර පසුව ගෙල කපා දැමුවේද
එසේ නොමැතිනම් පණ පිටින්ම ඇයගේ ගෙල කපා දැමුවේද යන්න පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙලිකර ගැනීමට හැකිවනු ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයෙක් පැවැසීය.
මෙම තරුනිය මරණයට පත් කළේ ගෙළ සිර කිරීමෙන්ද නැතිනම් කිසියම් ඖෂධයක් අධිමාත්‍රාවකින් පානය කිරිමට සලස්වා සිහි නැතිව ගිය පසුව මෙම තරුණියගේ ගෙල කපා දැමුවේද යන්න ගැනත් මෙම පශ්චාත් මරණ පරික්ෂණයේදී සොයා බැලීමට නියමිතය.එවැන්නක් සිදුකර තිබේද යන්න පිළිබඳ සොයා ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණයේදී ලබාගන්නා ඇයගේ ආමාශ කොටස් ඇතුළු සිරුරු කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් වෙත යැවීමටද කටයුතු කරන බව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර යසෝධා නමැත්තියගේ හිස කොටස තවම සොයා ගැනීමට නොහැකිවූ බව අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.මෙම තරුණිය ගේ හිස කොටස සොයා ගැනීමට පොලිසිය තව දුරටත් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
Comments
Post a Comment
Your comment will be visible after approval