dam street mystery dead body
ඊයේ කොටුව වේල්ල වීදියේ (ඩෑම් ස්ට්‍රීට්) හමුවූ කාන්තා මළ සිරුර රැගෙන ආ අය පිළිබඳ පොලිසියට හෝඩුවාවන් කිහිපයක් මේ වනවිට ලැබී තිබේ. මළ සිරුර රැගෙන ආ පුද්ගලයා කොළඹ හංවැල්ල මාර්ග අංක 143 බස් රථයකින් ගෑස්පහ හංදිය දක්වා පැමිණ බස් රථයෙන් මෙම විශාල බෑගය බස්සන අයුරු මෙම අවට ප්‍රදේශයේ සී.සී.ටී.වී. කැමරා දර්ශන මගින් සනාථවී තිබේ. 

අනතුරුව ඔහු මළ සිරුර සහිත බෑගය ඇදගෙන ඇවිත් අතැර දැමීම සිදු කර ඇත්තේ දහවල් 1.13 ට පමණ බව සීසීටීවී වේලාවන් සනාථ කර ඇත. (මින් ඉහත තැඹිලි විකුණන අයෙකු පවසා තිබුනේ උදේ ගෙනා පාර්සලයක් බව වන නමුත් එය වැරදි බව හඳුනාගෙන ඇත)
වයස 30 ක පමණ මුහුණු ආවරණ සහිත තරුණයෙකු මෙලෙස පැමිණ තිබෙයි. මුහුණු ආවරණ නිසා තරුණයා හඳුනාගැනීමේ යම් දුෂ්කරතාවක් ඇති බවද පොලිසිය කියයි. අදාළ බස් රථයේ අංකය පොලිසිය සොයාගෙන ඇති අතර තරුණයා බසයට නැංග ස්ථානය ගැන හෝඩුවාවක් සොයා ගැනීමට බස් රථ සේවකයින් සම්බන්ධ කරගැනීමට ඊයේ රාත්‍රී කාලයේ විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබුණ අතර ඔවුන්ගේ සාක්ෂි තවම වාර්තාවී නැත.


ගමන් මල්ලෙහි වකුටු කොට දමා තිබූ මෙම කාන්තා මෘත ශරීරයේ මුහුණ සහ බෙල්ල කොටස පොලිතින්වලින් ඔතා තිබූ බවට නිරීක්ෂණය වූ බවද පොලිසිය පවසයි.එම කාන්තාව සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හමුවී නැත.

විශාල කළු පැහැති ගමන් බෑගය ඇදගෙන විත් මෙම ස්ථානයේ තබා සැක නොසිතෙන ආකාරයට එම ස්ථානයෙන් තරුණයා පළායන අයුරු නිරීක්ෂණය වී ඇති අතර ඔහු පළායන ප්‍රදේශය සොයන්නටද සීසීටීවී පරීක්ෂාවන් සිදුකරමින් පවතී.

CCTV සහිත පෙර විස්තරය මෙතැනින්