dam-street-dead-body-cctv

කොළඹ, වේල්ල වීදියේ තිබී අද (1) දහවල් හමුවූ මළ සිරුර හිස කඳින් වෙන්කළ කාන්තා මළ සිරුරක්  බවත්  ඇය වයස අවුරුදු 20ක් පමණ වු තරුණියක බවට සැකකරන බවත් පොලිසිය පවසයි.


තරුණයෙකු රෝද සහිත ට්‍රැවලින් බෑගයක මෙම සිරුර නවා රෙදිවල ඔතා ඇතුළට දමාගෙන වේල්ල වීදිය දිගේ බෑගය ඇදගෙන විත් වාහන නවතා තිබෙන පැත්තක කිසිවක් නොදන්නා ගාණට අතහැර යන අයුරු ඒ ආසන්න සීසීටීවී පරීක්ෂණ වලදී හඳුනාගෙන තිබේ.
උදෑසන මහ මඟ දමාගොස් තිබුණ නාඳුනන බෑගය ගැන පොලිසියට ලද තොරතුරු මත පරීක්ෂා කිරීමේදී එහි ඇත්තේ මළ සිරුරක් බව දහවල් 2.30 ට පමණ හඳුනාගන්නා ලදි.
“එක හමාරට විතර දැක්කේ. ඊට පස්සේ තැඹිලි විකුණන එක්කෙනා උදේ ඉදලම දැකලා පාර්සලයක් තියෙනවා කියලා. පොලීසියෙන් ආවට පස්සේ මාත් ඇරලා බැලුවේ මොනවා ද තියෙන්නේ කියලා.“ අවට සිටියෙකු පවසා තිබේ.

 
අද පස්වරුවේ පොලිස් නිල සුනඛයෙකු ද යොදාගනිමින් එහි පරීක්ෂා කිරීම් සිදුකළේය
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (02) සිදුකිරීමට නියමිතය.

මීට කලකට ඉහත වැල්ලවත්ත ප්‍රදේශයේ ලොජ් එකකදී මේ ආකාරයටම කාන්තාවක ඝාතනය කර පිටකොටුව බස් නැවතුම් පළේ මළ සිරුර අතැර ගොස් තිබියදී හමුවී තිබුණ අතර එම ඝාතනය පසුව හෙළිදරව්වූයේ අදාළ ලොජ් එකේ සීසීටීවී දර්ශන කළමනාකරු විසින් පොලිසියට වාර්තා කිරීමෙන් පසුය.
CCTV දර්ශන පහත පරිදිය.