thilanga-sumathipala-cricket

මැයි 20 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට සූදානමින් සිටින  ෂම්මි සිල්වා කඳවුර සමඟ  මින් පෙර නිලතලවල ආධිපත්‍යය දැරූ තිලංග සුමතිපාල මතභේදයක් ඇති කරගෙන තිබෙන බවට පුවත්පත් වාර්තාවල දැක්වේ.
2019 පෙබරවාරි මාසයේ පැවති අවසන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමෙන් පසුව ෂම්මි සිල්වාගේ නායකත්වයෙන් යුත් වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සුමතිපාලයන් සමඟ රහසිගත එකඟතාවයකට පැමිණ තිබීම ප්‍රසිද්ධ රහසක් විය.


සිල්වා මෙන්ම ඔහුගේ උප සභාපතිවරයකු වන රවින් වික්‍රමරත්න ද එවකට සුමතිපාලගේ සමීපතම හිතවතුන් ලෙස සලකනු ලැබීය. එහෙත්, පසුගිය ජනවාරිය මැදදි සුමතිපාල කඳවුර සිල්වා සමඟ තරඟ වදින මතිවානන් කඳවුර සමඟ වඩාත් සමීපව පෙළ ගැසී සිටි බවට වාර්තා පළ විය.
මේ අතර අභ්‍යන්තර ආරංචි වාර්තා කර ඇත්තේ කෙසේ හෝ මැතිවරණයක් නොපැවැත්වීමේ උත්සාහයක්ද පවතින බවයි. මේ සඳහා අවසාන මොහොතේ නීතිමය ගැටළු මතු විය හැකි බවට ඉඟි පළව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ සිංහල ක්‍රීඩා සමාජයේ (එස්එස්සී) සාමාජිකයෙකු වන සුමතිපාල මහතා ඊළඟ මහා සම්මේලනයේ උප සභාපති ධුරය සඳහා නම් කරන ලද අයෙකු ලෙස ඇතුළත් කර ඇති අතර
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති ජයන්ත ධර්මදාස මහතා නැවත එම තනතුරට තේරී පත්වීම වැළැක්වීමේ අරමුණින් මෙම අර්බුදය මතුකිරීමට සූදානමක් පවතින බව කියැවේ.


 ආරංචි මාර්ග සඳහන් කරන්නේ, වෙනත් පාර්ශවයක්, උසාවියට ​​යාමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මැතිවරණය පැවැත්වීම වැළැක්වීමට උත්සාහ කරන බවයි.
එළැඹෙන මාර්තු 15 වන දින අභියාචනාධිකරණයේ  හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලකයින් ඇතුළු පුද්ගලයින් පිරිසක් විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කිරීමටද නියමිතව තිබේ.