
හොරොයින් ග්‍රෑම් 25ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් හිටපු රග්බි ක්‍රීණ්ඩකයකු රඳවා ගැනීමේ නියෝග මත රදවාගෙන ප්‍රශ්න කරන බව මහනුවර මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය පවසයි.
28 හැවිරිදි සැකකරු මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරා කලක් යුද හමුදා රග්බි පිලට කොන්ත්‍රාත් පදනම මත ක්‍රීඩා කොට ඉන් ඉවත්වී විදේශගත වී ඇති අතර නැවත මෙරටට පැමිණි අවස්ථාවේ ඔහු මත්කුඩුවලට ඇබිබැහි වී තිබේ.මීට පෙර සැකකරු මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ පෙර බන්ධනාගාරවල පිරිස් අඩු කිරීමේ වැඩසටහන යටතේ ඇප පිට මුදා හළ අයෙකු බවද පොලිසිය පවසයි.අම්පිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරු බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයෙකුගෙන් මෙම හෙරොයින් මිලදී ගන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
(ෂේන් සෙනෙවිරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval