යම් පුද්ගලයෙකුගේ කතා බහකින් හෝ කැස්සකින් COVID-19 ආසාදිත බව හඳුනාගත හැකි නව ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට ඉතාලියේ Neosperience නම් මෘදුකාංග නිෂ්පාදන සමාගමක් පියවර ගෙන ඇතැයි පවසයි. 

එම සමාගමේ සභාපතිවරයාට අනුව එම ක්‍රමවේදය හරහා සිදුකර ඇති අධ්‍යයනයට අනුව මෙම ශබ්දය හරහා මෙම ශ්වසන ආබාධය 80%ක නිවැරදිතාවකින් හඳුනාගැනීමේ හැකියාව පවතී.ඔහු පවසන ආකාරයට එකිනෙකට වෙනස් පුද්ගලයන්ගේ හඬ සහ ඔවුන් පිට කරන කැස්සේ ශබ්දය පටිගත කර එය පරිගණක පද්ධතියක් හරහා වික්ලේෂණය කිරීමෙන් මෙම හඳුනාගැනීම සිදු කරයි.මෙහිදී Neosperience Health Cloud නම් කෘත්‍රිම බුද්ධිය යොදාගන්නා ක්ලවුඩ් පරිගණක වේදිකාවක් භාවිත කරමින් එම ව්‍යාපෘතිය සංවර්ධනය කර තිබේ. අද වනවිට මෙම ක්‍රමවේදය පපුවේ එස්-රේ කිරණ පරීක්ෂක්ෂාවන් විශ්ලේෂණය සඳහාද යොදාගන්නා බව සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.