
ඉන්දියාවේ සුප්‍රකට බොලිවුඩ් නළු අමීර් ඛාන්ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වයිරසය ආසාදිත බව තහවුරුවීමෙන් අනතුරුව මුම්බායිහි පිහිටි සිය නිවසේ ඔහු නිරෝධායනය වෙමින් සිටින බව වාර්තා වේ.
නියමිත සෞඛ්‍ය රෙගුලාසි පිළිපදිමින් අමීර් ඛාන් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින බවත් ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔහුගේ ප්‍රකාශකයෙක් පැවැසීය.
අමීර් ඛාන්ගේ සමීපතමයන් ද මේ වනවිට පරික්ෂාවට ලක් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පනස් හයවන වියේ පසුවන අමීර් ඛාන් මේ දිනවල ඔහුගේ නවතම චිත්‍රපටය වන "ලාල් සිං චද්දා" හි රූගත කිරීම්වලට එක්ව සිටියි. එම චිත්‍රපටය සුප්‍රකට හොලිවුඩ් නළු ටොම් හෑන්ක්ස් රංගනයෙන් දායක වූ “ෆොරස්ට් ගම්ප්” චිත්‍රපටය නැවත නිෂ්පාදනය කිරීමකි.
Comments
Post a Comment
Your comment will be visible after approval