china-covid19

අද වනවිට චීනය තුළ COVID-19 වසංගත තත්වය උපරිම මට්ටමින පාලනය කෙරී තිබුනත්,ලබන ජුලි මාසය අවසන් වනවිට එරට සමස්ත ජනගහනයන් 40%කට COVID-19 මර්දන එන්නත් ලබාදීම සැලසුම බව එරට සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරයි.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමට අනුබද්ධ විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානී සොන්ග් නාන්ෂාන්, පසුගිය පෙබරවාරි 28වනවිට එරට ජනතාවගෙන් මිලියන 52.52ක් සඳහා මෙම COVID-19 මර්දන එන්නත ලබාදීම සිදුව තිබේ. පසුගියදා අන්තර්ජාල තාක්ෂණයෙන් පැවැත්වුණු එක්සත් ජනපද සහ චීන සෞඛ්‍ය විශේෂඥයන්ගේ හමුවක් වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇත. චීනය තුළ මෙම එන්නත්කරණය පසුගිය දෙසැම්බර් මාසය මැදදී ආරම්භ විය.

මේ අතර චීනය යනු අද වනවිට ලොව අනෙකුත් රටවල් හා සාපේක්ෂව ඉතා සෙමින් එන්නත්කරණයක් ක්‍රියාත්මක වන රටක් බවද ප්‍රධානියා මෙහිදී පවසා තිබේ. විශේෂයෙන්ම චීනයේ ජනගහනය බිලියන 1.4ක් වන අතර මේ දක්වා ලබා දී ඇති එන්නත් ප්‍රමාණය අනුව, පුද්ගලයන් 100දෙනකු වෙත ලබා දී ඇත්තේ එන්නත් 3.56ක් පමණක් බවද ඔහු මෙහිදී පෙත්වා දී තිබේ. මෙහිදී වේගවත්ම එන්නත්කරණය ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක වන අතර එහි පුද්ගලයන් 100ක් වෙත මාත්‍රා 94ක් ලබා දී ඇත.

එක්සත් ජනපදය තුළ එය පුද්ගලයන් 100ක් වෙත මාත්‍රා 22කි. කෙසේවෙතත් ලබන ජූලි මාසය වනවිට එරට ජනගහනයෙන් 40%ක් එන්නත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තරමින් එන්නත් තමන් සතුව පවතින බව චීන සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. එසේම ඉදිරියේදී විදෙස් රටවල් වෙතද තවත් එන්නත් මාත්‍රා බිලියන භාගයක් පමණ ලබාදීමටත් චීනය පොරොන්දු වී තිබේ. මෙය දැනට එරට තුළ බෙදාහැර ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව හා සාපේක්ෂුව 10 ගුණයකි.මේ වනවිට චීනය තුළ එරට නිෂ්පාදිත COVID-19 මදන එන්නත් වර්ග හතරක් සදහා අනුමැතිය හිමිව තිබේ. මෙම වසර අවසන් වෙනවීට තමන්ට එම එන්තත් මාත්‍රා බිලියන 2.6ක් නිපදවීය හැකි බව එම සමාගම් දැනටමත් පවසා ඇත. එහෙත් චීනයේ වෙසෙන දැවැන්ත ජනගහනය අනුව මෙම එන්නත්කරණය වේගවත් කිරීමද පහසු කාර්යයක් නොවේ."අපි දවසකට මිලියන 10ක් බැගින් එන්නත්කරණය කළත්, ජනගහනයෙන් 70%ක් දෙනා වෙත එන්නත් ලබාදීමට මාස හතකට ආසන්න කාලයක් ගත වෙනවා." චීනයේ බෝවන රෝග පිළිබද විශේෂඥයෙකු වන සන්ග් වෙන්හොන්ග් මෙහිදී පවසා ඇත.