
කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ මෙරටදී භූමදානය කිරීම ආරම්භ කරමින් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයකදී දෙදෙනෙකුගේ මළ සිරුරු භූමදානය කිරීමට පියවර ගෙන තිබිණ.කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඒ බව තහවුරු කර සිටියේය.
අද දිනයේ පළමුව භූමදානය කර ඇත්තේ මඩකලපුව කෝට්ටමුණේ ප්‍රදේශයේ පදිංචිව සිටි, මීට දින 20 කට පමණ පෙර මියගිය ඉස්ලාමීය වයෝවෘද්ධ කාන්තාවකගේ දේහයකි.
එම කාන්තාවගේ දේහය මේ දක්වා මඩකලපුව ආරයන්පති දිසා රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ බව දැනගන්නට ඇත.
ඉරණතිව්හි භූමිදාන ඇරඹීම පවතින මතභේදකාරී තත්ව කල් යාම නිසා මඩකලපුවේ භූමිදානය ඇරඹී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval