
කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් දේහයන් භූමිදානය කරන්නට නියම කළ ඉරනතිව්හි වෙත අද පෙරවරුවේ මාධ්‍යවේදීන් පිරිසක් ගොස් තිබුනේ භූමදානය කිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කළ විරෝධතා වාර්තා කිරීම සඳහාය.
නමුත් එම අවස්ථාවේ දූපතට ඇතුළුවීම වළක්වා ඇති බව සිවිල් ක්‍රියාකාරිකයෙකු වන රූකි ප්‍රනාන්දු මහතා පැවසීය.
මාධ්‍යවේදීන් 19 දෙනෙකුගේ පිරිසක් අද උදෑසන ගිය බවත් ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වළක්වා ඇති බවත් ඔහු පැවසීය.
ආරක්ෂක ආරංචි මාර්ග පවසන්නේ දූපත භූමදානය සඳහා නම් කරන ලද ස්ථානයක් ලෙස දැන්වීමක් ප්‍රකාශයට පත් කර ඇති බැවින් පදිංචිකරුවන් හැර සෙසු අයට එය සීමා කර ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval