
කුඩා දරුවෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් යාපනයේ අරියාලේ ප්‍රදේශයෙන් වාර්තාවී තිබේ. සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව හුවමාරුවීමෙන් පසු පොලිසිය කළ විමර්ශනයේදී හඳුනාගෙන ඇත්තේ මාස 9 ක කුඩා බිළිඳෙකට පහරදෙන්නේ 24 හැවිරිදි මව බවයි.
මේ කියන මව මීට මසකට පමණ පෙර දරුවාද සමග කුවේටයේ සිට මෙරටට පැමිණ තිබෙන බව වාර්තාවේ. ඇය කුවේටයේ දිගු කාලයක් වාසය කර ඇති අතර දරුවා බිහිවන්නට ඇත්තේ එහිදීය.
යාපනය පොලිසිය ළමා හිංසනය යටතේ මෙම මව අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඒ ගැන පරීක්ෂණ සිදුවන බව පොලිසිය දන්වා සිටී.
අදාළ වීඩියෝ රුප රාමු පහතින් දැක්වේ
මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සිදු කළ විස්තරය ඊට පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval