
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ කිසිසේත්ම පිළිගත නොහැකි බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමි පවසති.
උන්වහන්සේ පෙන්වාදෙන්නේ එම ප්‍රහාරය සිංහලයන් විසින් සිදුකර ඇති බවට එම වාර්තාවේ ඇතැම් නිර්දේශවලින් ගම්‍ය වන බවය.
මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා (28) පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි බැහැදුටු අතර එහිදී උන්වහන්සේ එම අදහස් පළ කළහ.
එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්,
“ජාත්‍යන්තරය පවා වැරදි ආකල්පයක් ඇති කර ගන්න පුළුවන් මේක මේ සිංහල, බෞද්ධයන් කරපු වැඩක් කියලා. පරීක්ෂණවලින් අහුවුණා විවිධ තැන්වල ආයුධ, පුපුරන ද්‍රව්‍ය. ඒවා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් එදා කෙරුණෙත් නෑ. මේ වාර්තාව තුළ හරියට ඉදිරිපත් කරලත් නෑ. ඒ වගේම මේ අන්තවාදීන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ඒ ඇති වුණ පසුබිම මේකේ කොහේවත් කථා වෙන්නේ නෑනේ. මේක මෙරට සැලසුම් කරපු එකක් ද නැත්නම් පිටරටක සැලසුම් කරපු එකක් ද ? එහෙම නම් ඒකේ ඍජු වගකිව යුත්තා කවුද කියලා මේකේ පැහැදිලි කරලා නෑ. එහෙම නැතුව එදා හිටපු ජනාධිපතිවරයයි පොලිස්පතිවරයයි. ඒ රජයේ යම් අඩුපාඩුවක් වෙන්නත් පුළුවන්. පැහැදිලිව ම මේ වාර්තාවේ තියෙන නිගමනයන් ගැන අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ. “
Comments
Post a Comment
Your comment will be visible after approval