
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) පෙරවරුවේ කොවිඩ් 'ඇස්ට්‍රාසෙනිකා' එන්නත
ලබා ගෙන තිබේ.
නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලේදී ඒ මහතා එන්නත ලබා ගෙන ඇති අතර එම අවස්ථාවට ශ්‍රී
ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ද සහභාගී වී ඇතැයි ශ්‍රී ලංකා
පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සන්නිවේදන) ශාන් විජේතුංග මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
කොවිඩ් වසංගතය මර්දනය කිරීම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට
එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව
දිරිමත් කිරීම සඳහා කතානායකවරයා මෙසේ එන්නත ලබා ගෙන ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
තව ද ඊයේ (17) දහවල් 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙකු ඔක්ස්ෆර්ඩ්
ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval