
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කළේ මහජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ආරම්භ කළායින් පසුව හෙයින් මෙය ගැටළුවක් කර නොගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
මොහොමඩ් මුසම්මිල් මහතා මේ බව පැවසුවේ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා නාරාහේන්පිට යුධ හමුදා රෝහලට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"මහජනතාවට ලබාදීම ආරම්භ කළායින් පසුව තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සිද්ධ කරන්නෙ. ඒක ඉතිං ගැටළුවක් කරගන්න එපා. මේ මුළු රටම එන්නත්කරණය කරන්න ඕනෙ" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval