royal-thomian-suriyawewa

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන නිල් මහා හටන
කොරෝනා හේතුවෙන් අවලංග නොකර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නරඹන්නන් රහිතව පැවැත්වීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.


ඒ අනුව මැයි මස 06,07 සහ 08 යන දිනවලදී තෙදින තරගයත් මැයි මස 10 වනදා එක්දින තරඟය පවත්වන්නට දිනයොදා ඇති අතර එක්දින තරගය ඕවර 50 වෙනුවට වෙනුවට මෙවර 20යි 20 තරඟයක් ලෙසත් පැවැත්වීමට තරඟ සංවිධායකවරුන් ක්‍රීඩාපිටිය වෙන් කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ පාසල් ‘බිග්මැච්‘ ක්‍රීඩා තරගයක් මේ ආකාරයට නරඹන්නන්ගෙන් තොරව පවත්වන්නේ පළමු වරටය. කෙසේ වෙතත් තරගය සජීවී ලෙස රූපවාහිනී නාලිකා ඔස්සෙ විකාශය කිරීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයින් දන්වා ඇත.