pubudu-chathuranga-facebook

රංගන ශිල්පී පුබුදු චතුරංග වෙත පසුගිය සදුදා සිට ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. මෙයට හේතුවී ඇත්තේ ඔහු සමාජ මාධ්‍ය වල නොහොබිනා කොමෙන්ටු පළ කරන්නන් දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිදු කළ කථාවකි.


ඉරිදා දිනයේ රාත්‍රියේ හිරු ටීවී කොපි චැට් වැඩසටහනට එක්වෙමින් ඔහු කියා සිටියේ කලා ශිල්පීන් හෙළා දකිමින් කොමෙන්ටු පළ කරන පාඨක පිරිස් සිටින්නේ ලංකාව වැනි රටවල පමණක් බවත් විදෙස් රටවල කලා හැකියාවට උපදෙස් දෙන කොමෙන්ටු පළවන බවත්ය.
එසේම ඔහු වෛද්‍ය පර්යේෂණයක් ගැනද සදහන් කරමින් කියා සිටියේ ලංකාවේ සෑම 12 දෙනෙකුගෙන් එක් අයෙකුම මේ ආකාර ක්‍රියාවලට නැඹුරුවන මානසික දුබලතාවයකින් පෙළෙන බවයි.
මෙම විවේචනය ඔහු සිදු කළේ පසුගිය දිනවල අයහපත් කොමෙන්ටු නිසා සමාජ මාධ්‍ය තුළ දැඩි කථාබහක් මතු කළ රංගන ශිල්පී දිනක්ෂිද සිටි අවස්ථාවකය.
පුබුදු සිදු කළ කතාව එතැන සිටි අමුත්තන්ගේ ප්‍රසාදයට හේතුවූවද සමාජ මාධ්‍ය තුළ පුබුදු විවිධ ආකාරයට විවේචනයට ලක්වෙමින් පවතී
විවේචනයට මුල්වූ කතාවේ වීඩියෝව පහතින්