
73 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් රටට සහ ජනතාවට සෙත් පතා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් ඊයේ (02) කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල මහා නා හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී ලංකා විද්‍යාල මහ පිරිවෙන් විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගම නන්දවංශ නායක හිමියන්ගේ මගපෙන්වීමෙන් පිංකම සංවිධාන කෙරිණ.
පූජ්‍ය ඕකේවෙල වජිරවංශ නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කිරම රතනජෝති නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය කිරම පඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය දිද්දිවෙල පඤ්ඤාධීර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය පරිත්‍රාණ පින්කමට වැඩම කර සිටි අතර, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
( ඡායාරූප : ඩී. සමරකෝන් - ජනාධිපති මාධ්‍ය අංශය )

Comments
Post a Comment
Your comment will be visible after approval