
කොවිඩ්-19 වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ රාජකාරි ආරම්භ කළාය. කොවිඩ් වසංගත තත්ත්වය සහ වයිරසය මර්දන වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ සෞඛ්‍ය ඇමැතිවරිය සහ අමාත්‍යාංශ නිලධාරින් අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
කෝවිඩ් වයිරසය මැඩපැවැත්වීම සඳහා ක‍්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙළ, පී.සී.ආර්. පරීක්‍ෂණ කටයුතුවල වත්මන් තත්වය, සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්වය පිළිබඳව ද එහිදී සෞඛ්‍ය ඇමැතිවරියගේ අවධානයට යොමු වූ බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. කොවිඩ් වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටිය දී තමන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සැමටත් ආශිර්වාද පුද පූජා පවත්වමින් ශක්තිය ලබාදුන් සෞඛ්‍ය කාමණ්ඩලයේ සියලු දෙනාටත් ස්තූතිය පුදකිරීමට ද එහිදී සෞඛ්‍ය ඇමැතිවරිය අමතක නොකළාය.
-රංජන් කස්තුරි-
Comments
Post a Comment
Your comment will be visible after approval