saudi-woman

සෞදි අරාබියේ කාන්තාවන්ට එරට යුද හමුදාව වෙත බැඳිමේ අවස්ථාව ලබාදීමට බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව සෞදි කාන්තාවන්ට මින් ඉදිරියට එරට රාජකීය යුද හමුදාවට, නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට මෙන්ම හමුදා සේවයේ ‍වෛද්‍ය සේවාවන් වෙනුවෙන්ද සම්බන්ධ වීමේ හැකියාව ලැබී තිබේ.

ඒ අනුව සෞදි අරාබිය තුළ කාන්තාවන් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ තහනම් කිරීම් යටතේ ඉවත් කෙරුණු ආසන්ගතම තහනම බවටත් මෙය පත්ව තිබේ. මීට පෙර සෞදි බලධාරින් විසින් කාන්තාවන් වෙත පනවා තිබූ සිනමා ශාලා, උත්සව ඇතුළු අවස්ථා වෙත සහභාගි වීම් තහනම, මෝටර් රථ ධාවනය කිරීම් තහනමත් ඉවත් කිරීමට කටයුතු යොදා තිබුණි.

ඒ අනුව මෙය එරට ඔටුන්න හිමි බින් සල්මාන් කුමරුන්ගේ 2030 වසර සදහා වන එරට ආර්ථික දැක්මේ තවත් අවස්ථාවක් බවට පත්ව තිබේ.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය, දැන් පිරිමින්ට මෙන්ම කාත්තාවන්ටත් ආරක්ෂක අංශයේ රැකියා සඳහා ඉල්ලුම් කිරීමේ සම අවස්ථාව හිමිව තිබෙන බව පවසා ඇත. ඒ අනුව මේ යටත් කාන්තාවන් සොල්දාදුවන්, ලාන්ස් කෝප්‍රල්වරුන් සහ සාර්ජන්ට්වරුන් ලෙස අනුයුක්ත කරගැනීමේ අවස්ථාව ඇත.හමුදා සේවයට බඳවාගැනීමේදී ඔවුන් වයස අවුරුදු 21ත් 40ත් අතර විය යුතු අතර, උස සෙන්ටිමීටර් 155ක් විය යුතුව ඇත. එසේම ද්විතියික අධ්‍යාපනයක් ලබා තිබීම අනිවාර්යය වී ඇති අතර, සෞදි අරාබි නොවන පුරුෂයෙකු හා විවාහ වී නොසිටීමත් ප්‍රධානම කොන්දේසියකි.