myanmar buddhist monk protest

මියන්මාරයේ ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව විරෝධය දක්වමින් එරට ස්වාමීන් වහන්සේලාත් පසුගියදා විරෝධතාවක නිරත වූ බව වාර්තා වෙයි. ඒ අනුව හමුදා පාලනය ඉවත් කරමින් දැනට සිරගතකර සිටින එරට නායිකා අවුන් සාන් සුකී ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදිව ඉදිරිපත් වූ රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා මෙලෙස පාගමනක නිරත වී ඇත.




මේ සඳහා ස්වාමීන් වහන්සේ රැසක් සහභාගි වී ඇති අතර උන්වහන්සේලා එරට යැන්ගොන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත පාගමනින් ගොස් ඇත. එසේම එරට ජනතාවටද සිය විරෝධතාව සමග එකතු වන ලෙසද උන්වහන්සේලා ඉල්ලීම් කර තිබේ. මෙහිදී එම කණ්ඩායම "රට තුළ හමුදා ඒකාධිපතිවාදයක් අවශ්‍ය නැති ස්වාමීන් වහන්සේලා”

යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ වදන් පෙන්වමින් විරෝධතාවේ නිරතව ඇත. ඊට සම්බන්ධ වූ ඇතැම් ස්වාමීන් වහන්සේලා රතු පැහැති මුඛ ආවරණ පැලද සිටි බවත්, එයද හමුදා කුමන්ත්‍රය ප්‍රතික්ෂේප කිරීමක් බවද උන්වහන්සේලා පවසා ඇත.