love elder woman youth boy

ආදරවන්තයන්ගේ දිනයේ 35 හැවිරිදි මවක සිය බාලවයස්කාර දරුවන් තිදෙනා විවාහක සැමියාට බාරදී අවුරුදු 22ක තරුණයකු සමග දීග යෑමේ සිද්ධියක් අම්පාර උහන පොලිසියෙන් වාර්තා වේ.   තිස්පස් හැවිරිදි තිදරු මවගේ මව කර තිබූ පැමිණිල්ලකට අනුවට දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කරනු ලැබුවේ උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා විසිනි.  මෙම තිදරු මව අවුරුදු 16ක පමණ වයසේ පසුවන සිය වැඩිමල් පුතාගේ 22 හැවිරිදි මිතුරකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බව පැමිණිලි විභාගයේදී අනාවරණය විය.


තිස්පස් හැවිරිදි කාන්තාවගේ මව  පොලිසියට සිද්ධියට පැමිණිලි කරමින් තම දියණියගේ මෙම අනියම්  සම්බන්ධතාව නතර කර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

දරු තිදෙනා ගැන සිතා මෙම අනියම් සම්බන්ධතාවය නතර කර යහපත් පවුල් ජීවිතයක් ගත කරන  ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා කරුණු අවබෝධ කර දුන්නත් ඇය 22 හැවිරිදි තරුණයා සමග යන බව තරයේම පවසා ඇති බව කියයි.   තරුණයා සමග නොයන ලෙස සැමියාද බිරිඳට ඇවටිලි කර ඇතත් තම තරුණයා සමඟ යන බව බිරිඳ තරයේම පවසා ඇතැයි පොලිසිය කියයි.  දරු තිදෙනා සැමියාට බාර කළ කාන්තාව සිය අනියම් සැමියා සමග පසුව පිටව ගිය බව පොලිසිය කියයි.



-ශ්‍රීතාත් ප්‍රසන්න ජයසූරිය-