
මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට නියමිතව තිබූ මව අහිමිව පියා සහ මිත්තණිය සෙවණේ ජීවත් වූ දරුවකුගේ පියා ද සිය දරුවා පාසල් යාමට සූදානම් වූ පෙර දින පෙරේදා (14) හිටි හැටියේ ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ පොළකදී මිය යෑම හේතුවෙන් එම දරුවාට පෙර පාසල් ගුරුවරිය සමග සහ සිය මිත්තණිය සමග පාසල් යාමට සිදු වූ පුවතක් ඊයේ (15)වැනිදා) කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්මෝදර ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙලෙස මවුපියන් අහිමිව සිය මිත්තණිය සහ පෙර පාසල් ගුරුවරිය සමග පාසල් යාමට සිදු වී ඇත්තේ (06) හැවිරිදි වෙළේ ගෙදර, කොස්මෝදර, කොටපොළ ලිපිනයේ පදිංචි ජාලත්ගේ නෙතුල නෙත්සර නැමති 6හැවිරිදි දරුවා හටය. සිය පියා පෙරේදා 14 ගම්පහ ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩ පොළක නිදි යහනේදීම මිය ගොස් තිබූ බවත් ඊයේ 15 වැනිදා දහවල් වන විටත් මරණයට හේතුව දන්වා නොමැති බවත් එම පවුලේ අය පැවසීය. මෙසේ මියගොස් තිබුණේ 32 හැවිරිදි ජේ. ප්‍රියන්ත නැමැති එක් දරු පියෙකි.
මෙම දරුවාට වයස අවුරුදු එස්කහමාරේ දී මව උණ රෝගයක් සෑදී මිය ගොස් මව් සෙනෙහස අහිමි වී තිබූ අතර එතැන් සිට මේ දරුවා පියා සහ මිත්තණිය හා සීයාගේ සෙවණේ ඇති දැඩි වන අතර ඉන් පසු පෙර පාසල් අධ්‍යාපනයේ සිට මේ දරුවාට මවක් මෙන් පිහිට වනුයේ කොස්මෝදර ළහිරු පෙර පාසලේ ගුරුවරිය වූ කේ. රේණුකා මහත්මියයි.
සිය පියා මිය යාමට පෙර ඉකුත් 14 වැනිදා රාත්‍රි දුරකතන ඇමතුමක් දී පුතුට පවසා ඇත්තේ දරුවාට සෙල්ලම් කිරීමට ඩෝසරයක් ද රැගෙන එන බව හා පසු දින පාසල් යාමට අවශ්‍ය පාසල් උපකරණ ණයට මිලදී ගන්නා ලෙසත් තමන් පැමිණි පසු එම ණය මුදල් බේරන බවත්ය. මෙම දෙමාපියන් දෙදෙනාම අහිමි නෙතුල පුතු පෙර පාසල් ගුරුවරිය සහ සිය මිත්තණිය සමග දෙනියාය කලාපයේ ඉලුක්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කරනුයේ සියල්ලන්ගේම දෑසට කඳුළු එකතු කරමිනි.
-එස්.ඩී. කොඩිකාර-
Comments
Post a Comment
Your comment will be visible after approval