අද පැවති විජය කුමාරතුංග අනුස්මරණ අවස්ථාවේ හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙසේ පැවසුවාය.

අපි හදනවා කවුරු හරි ඇවිල්ලා විනාශ කරනවා. මේ රට කවදාවත් ඉදිරියට යන්න බෑ. තරුණ උගත් හොරකම් නොකරන දේශපාලනය බිස්නස් එකක් නොකරගන්න අවංකවම තමාගේ වියදමින් වැඩකරලා වාරයක් ඉඳලා ගෙදර යන නායකයො අවශ්‍යයි.


මැරෙනකං එක් එක්කෙනාගෙ අත්වල එල්ලිලා කොර ගහගහ යන තත්වෙ ඉන්න දේශපාලකයින්ට අපේ රට කරන්න බැහැ.


අපි හැදුවා හැදුවා හැදුවා ජීවිතෙත් පරදුවට තබලා. දැන් ඔක්කොම ආපස්සට හරවලා. විජේ හිටියනං මං හිතන්නෙ විජේ ගිහිං මූදට පනියි.
රජය කරන අයට විදේශ ප්‍රතිපත්ති ගැන විදේශ සබඳතා ගැන අවබෝධයක් තියෙන්න ඕන.
මහින්ද රාජපක්ෂ කාලෙ විදේශ සබඳතා කන්නද කියල කිව්වේ.
දැන් ඒවා අපිව කාලා ඉවරයි. දැන් නොකියාම අපි චීනයේ යටත් විජිතයක්. චීනෙත් එක්ක මගේ කිසී තරහක් නැහැ. ඉස්සර කාලෙ පුවත්පත්වලින් මට කිව්වෙ කොන්ඩෙ බැඳපූ චීනා කියලා.
ඉන්දියාවට මොකක්ද එකක් දෙනව කියල කෑගහපු අය දැන් චීනෙට ඔක්කොම දෙනව මුකුත් නෑනේ.