kekirawa-incident

බසයක් තුළ ඇදවැටී මරණයට පත්වූ උතුරු මැද පළාත් සභාවේ සේවයේ නියුතුව සිටි තරුණ කාර්යාල කාර්ය
සහායකවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ කළ පී.සී.ආර්. පරීක්‍ෂණවලින්
තහවුරු කරගෙන තිබේ.
 


සේවය අවසන් කර පෞද්ගලික මගී බසයකින් කැකිරාවේ පිහිටි නිවෙසට යමින් සිටියදී තෝනීගල ප්‍රදේශයේදී
මොහු බසයේ ඇදවැටී මරණයට පත්වී තිබුණේ පසුගිය 15දා සවස් කාලයේදීය. මරණයට පත්වූ ඔහු වයස
අවුරුදු 28ක එක්දරු පියෙකි.

මරණකරුගේ ජෛව සාම්පල ලබාගනිමින් කළ පරීක්‍ෂණවලදී ඔහුට කොවිඩ් _ 19 වයිරසය ආසාදනය වී තිබෙන
බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. ඔහු සේවයට පැමිණි දිනයේ රාජකාරි කටයුත්තක් සඳහා අනුරාධපුර
අධිකරණ සංකීර්ණයටත් ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.



ඒ අනුව සියලුම ආශ්‍රිතයන් සොයා පරීක්‍ෂණ පැවැත්වේ. කොවිඩ් නීති රෙගුලාසිවලට අනුව මරණකරුගේ දේහය ආදාහනය කිරීමට නියමිතව තිබුණු
අතර මරණකරුගේ පැවැති වෙනත් රෝග සංකූලතා සමඟ කොවිඩ් _ 19 වයිරසයත් ආසාදනයවීමෙන් මරණය
සිදුවන්නට ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කොවිඩ් _ 19 වයිරසය ආසාදනය වීමෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පස් දෙනකු මේ වනවිට
මියගොස් තිබේ.

අනුරාධපුර _ මහේෂ් විජේසූරිය