දකුණු අප්‍රිකාවෙන් හමු වූ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් සහිත කොරෝනා වයිරස් ප්‍රභේදය
එක්සත් රාජධානියෙන් හමුවී තිබේ.
 
මේ වන විට  එංගලන්තයෙන්  ආසාදිතයන් 36 දෙනකු සහ වේල්සයෙන් ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි
බි්‍රතාන්‍ය මාධ්‍ය පවසයි.

එක්සත් රාජධානිය  තුළ මෙම නව ප්‍රභේදය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 147 දෙනකු බව
වාර්තා වේ.



බි්‍රතාන්‍ය පර්යේෂකයන් පවසන්නේ B.1.525 නමැති මෙම වයිරස් ප්‍රභේදය හමුවූ ප්‍රදේශවල ගෙයින්
ගෙට ගොස් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමේ අවශ්‍යතාවක් මතුව ඇති බවයි.

එසේ වන්නේ එම වයිරස් ප්‍රභේදය ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ  අවදානමක් පවතින හෙයිනි.

මෙම නව ප්‍රභේදය  සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති අතර එය අවධානයට
යොමු කළ යුතු ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ පැවැත්වේ.

මේ අතර කේම්බි්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවි ගුප්තා පවසන්නේ නව වයිරස් ප්‍රභේදය
සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස රජයට උපදෙස් දෙන බවය.



මෙම නව ප්‍රභේදය ‘සැලකිය යුතු විකෘතිතා’ සහිත එකක් බව පෙනී යන බවද ඔහු සඳහන් කර තිබේ.

මෙම නව වයිරස් ප්‍රභේදය දකුණු අප්‍රිකානු තුළ පැතිර යෑම හේතුවෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා
එන්නත ලබා දීම දකුණු අප්‍රිකාව විසින් අත්හිටුවන ලදී. ඒ නව ප්‍රභේදයට එම එන්නත ඔරොත්තු නොදෙන
බවට නිරීක්ෂණය වීම හේතුවෙනි.

කුමුදු ජයවර්ධන