india-COVID19

හිටිහැටියේ අඩුවුණු ඉන්දියාවේ දෙනික 'කොවිඩ් 19" ආසාදිතයන් ගණන යළි ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි සෞඛ්‍ය  බලධාරීහු පවසති.  මීට මාස කීපයකට පෙර ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 80,000 ඉක්මවූ නමුත් මෙම මාසයේ ආරම්භයත් සමඟ දෙනිකව වාර්තා වන වයිරස ආසාදිතයගේ ගණන ඉතා වේගයෙන් පහළ වැටුණි. 

පසුගිය සති කිහිපයේදී දෙනිකව වාර්තා වූ වයිරස ආසාදිතයන් වාර්තා වූයේ 10,000ටත් වඩා අඩුවෙනි. එය මවිතයට කරුණක් යැයි ද ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා තිබුණි.


කෙසේ නමුත් මේ වනවිට 15,000 ට වඩා දෙනික  ආසාදිතයන් වාර්ත වීමට පටන්ගෙන ඇති බැවින්, ප්‍රාන්ත මට්ටමින් සහ නගර මට්ටමින් යළිත් දැඩි තහංචි පැනැවීමක් සිදු කර තිබේ. මේ වනවිට ඉන්දියාවෙන් නව කොරෝනා වයිරසයේ තවත් අලුත් ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් සොයාගෙන ඇති අතර  දෙනික ආසාදිතයන් යළි ඉහළ යෑමට පටන්ගෙන ඇත්තේ මෙම නව ප්‍රභේද වේගවත් සම්ප්‍රේෂණයක් පෙන්නුම් කරන  නිසා යැයි ද සෞඛ්‍ය අංශ අනතුරු අගවා ඇත.