imran-khan-sri-lanka

මුස්ලිම් බහුතරය වසන පාකිස්තානයේද බෞද්ධ සිද්ධස්ථාන රැසක් පවතින බවත් ඒවා ගැන උනන්දුව අඩුවීම කණගාටුවට කරුණක් බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය ශ්‍රී ලංකා සංචාරයේදී සඳහන් කර තිබේ.
 


ශ්‍රී ලාංකිකයින් විසින් ආගමික වන්දනා සඳහා ඉන්දියාව නේපාලය වෙත ගියද තමන්ගේ රට මගහරින්නේ ඇයිද යන්න ගැටලුවක් බව ඔහු පෙන්වා දී ඇත.
 සංචාරක කටයුතු සඳහා තෝරා ගත හැකි ගමනාන්තයක් ලෙස පකිස්තානය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බවත් බෞද්ධයින් මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගතයුතු බවත් ඔහු කියා තිබේ.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ බදාදා පැවති සාකච්ඡාවේදී කාන් මහතා පාකිස්තානයේ බෞද්ධ උරුමයන් ඉස්මතු කොට සංස්කෘතික සබඳතා ගොඩනඟා ගැනීම අවධාරණය කළ බව පාකිස්තාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“පාකිස්තානයේ ලෝකයේ ශ්‍රේෂ්ඨතම බෞද්ධ උරුමයන් රැසක් පවතින අතර ඒවා බැලීමට ශ්‍රී ලංකාවේ ජනතාවට අපි ආරාධනා කරන්නෙමු” යැයි ඛාන් මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් පසුද පැවසීය.